Microsoft සමාගමේ Defender ‍antivirus එක Windows මෙහෙයුම් පද්ධතියෙන් ඔබ්බට ගෙන ගොස් Android සහ iOS වලට හඳුන්වාදීමට සූදානම් වන බව මේ වන විට වාර්ථා වෙනවා.

පසුගිය දින වල Windows Defender Advanced Threat Protection නමින් තිබුණු මේ antivirus එක, Microsoft Defender Advanced Threat Protection ලෙස වෙනස් කිරීමට ද ඔවුන් කටයුතු කරනු ලැබුවා.

කොහොම වුණත් මේ Defender mobile app එක desktop සංස්කරණයට වඩා වෙනස් වනු ඇති ඇති අතර ඊට හේතුව වන්නේ iOS platform එක මත apps මගින් malware සඳහා scan කිරීමේ හැකියාව ලබා නොදීම නිසාවෙනුයි.

Microsoft Threat Protection stops attack sprawl and auto-heals enterprise assets with built-in intelligence and automation - Microsoft Security
Threat protection that changes our approach to attacks requires built-in intelligence that can understand how an attack got in, prevent its spread across domains, and automatically heal compromised assets.

මේ Defender mobile app එකෙහි ප්‍රධානතම function එකක් ලෙස බොහෝ දෙනෙකුගේ අත්වැරදීම් නිසාවෙන් phishing attack වලට හසු වී usernames සහ passwords පිටස්තර පුද්ගලයන් අතට යෑම වලක්වාලීමයි.

‍කොහොම නමුත් මේ අලුත් mobile app එක Microsoft සමාගමේ enterprise security platform එක භාවිතා කරන්නන් හට පමණක් වනු ඇති බව දැනගන්නට ලැබෙන අතර මීට අමතරව Linux සඳහා ද මේ Defender Advanced Threat Protection මෘදුකාංගයෙහි preview සංස්කරණයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.