Facebook Messenger Desktop version එකෙහි සුළු වේලාවක් screen share කිරීමට හැකියාව ඇති නමුත් mobile apps සඳහා එම පහසුකම මෙතෙක් ලබා දී තිබුණේ නැහැ.

කොහොම නමුත් Facebook සමාගම විසින් සිය නවතම Messenger සංස්කරණය හරහා mobile devices අතර screen-sharing පහසුකමක් එක් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

මෙම පහසුකම මගින් එක් මිතුරෙකු සමඟ හෝ group chat ඔස්සේ හෝ Messenger Rooms පහසුකම හරහා ඔබේ දුරකථනය හෝ tablet එකෙහි screen එක share කර ගැනීමට ඔබට ඉඩ සලසනු ලබනවා.

මේ අනුව ඔබේ screen එක (හෝ ඔබේ camera roll එක, ඔබේ Instagram feed එක හෝ ඔබ කැමති ඕනෑම දෙයක්) group chats වල පුද්ගලයන් 8 දෙනෙකු දක්වා ද, Messenger Rooms වල පුද්ගලයන් 16 දෙනෙකු දක්වා ද share කිරීමේ හැකියාව ලැබෙනවා.

කෙසේ වෙතත් Facebook සමාගම ප්‍රකාශ කරන්නේ Messenger Rooms වල පුද්ගලයින් 50 දෙනෙකු දක්වා මෙම විශේෂාංගය පුළුල් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව වන අතර දැනට මෙම update එක Android, iOS, Desktop සහ Web යන සියළුම apps සඳහා ලබාගැනීමට හැකියාව ලබාදී ඇති බවයි.

Screen share කර ගැනීම සඳහා පළමුව ඔබ Messenger හි නවතම version එක ස්ථාපනය කර ගතයුතු අතර පසුව ඇමතුමක් අතරතුර, call options ලබා ගැනීම සඳහා screen එකෙහි පහළ සිට ඉහළට swipe කරන්න.

ඉන් පසුව “share your screen”, "start sharing" යන්න click කර පසුව “start broadcast” යන්න click කරන්න. (මෙහිදී Facebook ආයතනය විසින් ඔබට warnings කිහිපයක් ලබා දෙනු ලබන අතර මේ හරහා වැරදීමකින් කිසිවක් share කර ගැනීම වැළකෙයි.) ඊට පසු ඔබට ඔබගේ දුරකථනයෙන් ඔබ කැමති ආකාරයට broadcast කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Skype සහ Zoom ඇතුළු video chat සේවාවන් ගණනාවක දැනටමත් screen sharing පහසුකම ලබා ගත හැකි අතර Messenger වලට එකතු කර ඇති මෙම පහසුකම විශේෂයෙන්ම mobile devices මත හොඳින් ක්‍රියා කරන බව The Verge වෙබ් අඩවිය සඳහන් කරනු ලබනවා.

Messenger – Text and Video Chat for Free - Apps on Google Play
Be together whenever, with our free* all-in-one communication app, complete with unlimited text, voice, video calling and group video chat features. Easily sync your messages and contacts to your Android phone and connect with anyone, anywhere. NEW! GET THE GROUP TOGETHER WITH ROOMS Send a link to…
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ නිළ Messenger News වෙබ් අඩවිය භාවිතා කළ හැක.