Memes බලලම ඔලුව අවුල් වෙලාද? ඒ වෙනුවෙන්ම නිළ වචනයක් Oxford ශබ්ධකෝෂයට එකතු කිරීමට කටයුතු කරයි

ඔබත් පැය ගණන් Instagram reels සහ TikTok වැනි සමාජ මාධ්‍යවල අරමුණක් නොමැතිව scroll කරමින් කාලය ගත කරනවාද? එසේ නම්, ඔබ brain rot (මොළය දිරායාම) නම් තත්වයෙන් පෙළෙනවා විය හැකියි.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් 2024 වසරේ වචනය ලෙස 'මොළය දිරායාම' (Brain rot) යන වචනය තෝරාගෙන ඇත. මෙය විශේෂයෙන්ම Instagram reels සහ TikTok වැනි සමාජ මාධ්‍යවල අඩු ගුණාත්මක අන්තර්ගතයන් අධික ලෙස පරිභෝජනය කිරීමේ බලපෑම පිළිබඳ කනස්සල්ල පෙන්නුම් කරන වචනයකි.

2023 සිට 2024 දක්වා මෙම වචනයේ භාවිතය 230% කින් ඉහළ ගොස් ඇති අතර, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය Andrew Przybylski පවසන්නේ මෙම වචනයේ ජනප්‍රියත්වය "අප ජීවත්වන කාලයේ ලක්ෂණයක්" බවයි.


Brain rot යනු පුද්ගලයෙකුගේ මානසික හෝ බුද්ධිමය තත්ත්වයේ කියැවෙන පිරිහීමයි. විශේෂයෙන් සුළු හෝ අභියෝගාත්මක නොවන ද්‍රව්‍ය අධික ලෙස පරිභෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකේ.

මෙම වචනය මුලින්ම 1854 දී Henry David Thoreau විසින් ඔහුගේ 'Walden' පොතේ සඳහන් කර ඇති අතර, ඔහු සංකීර්ණ අදහස් අවතක්සේරු කිරීමට සමාජයේ ඇති ප්‍රවණතාවය සහ මානසික හා බුද්ධිමය උත්සාහයේ පොදු පිරිහීමේ කොටසක් ලෙස මෙය විවේචනය කර තිබෙනවා.

"While England endeavours to cure the potato rot, will not any endeavour to cure the brain-rot – which prevails so much more widely and fatally?"

"එංගලන්තය අර්තාපල් කුණුවීම සුව කිරීමට උත්සාහ කරන අතර, වඩාත් පුළුල්ව සහ මාරාන්තික ලෙස පැතිර පවතින මොළයේ කුණුවීම සුව කිරීමට කිසිවෙකු උත්සාහ නොකරන්නේ ඇයි?"

Walden: Henry David Thoreau

Brain rot වචනය ශබ්දකෝෂ ප්‍රකාශකයින්ගේ ලැයිස්තුවේ තිබූ demure, Romantasy සහ dynamic pricing වැනි වෙනත් වචන පහක් පරදවා, Oxford වසරේ වචනය ලෙස ඡන්ද 37,000කට අධික ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කර තිබෙනවා.

Oxford Word of the Year 2024 - Oxford University Press
The Oxford Word of the Year 2024 is ‘brain rot’. Discover more about the winner, our shortlist, and 20 years of words that reflect the world.

මෙම වසරේ shortlist වූ අනෙකුත් වචන පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීමට, ඒ සඳහා වන ඔවුන්ගේ නිළ වෙබ් පිටුව හරහා හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Oxford University Press වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.