Apple සමාගමේ universal clipboard පහසුකම හරහා පරිශීලකයින්ගේ සංවේදී දත්ත කියවීමේ චෝදනාව මත මයික්‍රොසොෆ්ට් සමාගමට අයත් LinkedIn ආයතනයට New York හි වාසය කරන iPhone පරිශීලකයෙකු විසින් පසුගිය සිකුරාදා නඩු පැවරීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

Apple වෙබ් අඩවියට අනුව, universal clipboard පහසුකම මඟින් පරිශීලකයින් හට එක් Apple උපාංගයක text, රූප, ඡායාරූප සහ වීඩියෝ copy කර වෙනත් ඇපල් උපාංගයකට paste කිරීමේ පහසුකම ලබාදෙනවා.

කොහොම නමුත් මේ clipboard එක යම්කිසි app එකකින් access කිරීමට කටයුතු කරන විට, ඒ පිළිබඳව පරිශීලකයාව දැනුවත් කිරීම සඳහා toast message එකක් පෙන්වීමට කටයුතු කරනු ලබන අතර ඒ හරහා බොහෝමයක් apps හොර රහසේම clipboard එක access කරනු ලබන බව අනාවරණය කරගන්නට iOS පරිශීලකයින් සමත් වුණා.

මේ ගැටළුව පිළිබඳව අපි මීට පෙර කිහිප වතාවක් ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

TikTok app එක හොර රහසේම clipboard එක access කිරීම iOS 14 හරහා අනාවරණ වීමත් සමඟින් එය නවත්වන බව ප්‍රකාශ කරයි
පසුගිය ජුනි 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ iOS මෙහෙයුම් පද්ධතියේ අලුත්මසංස්කරණය වන iOS 14 සංස්කරණය එළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතකඇති. WWDC 2020 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් පිළිබඳවදැනගනිමුජුනි මස 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2…

කොහොම නමුත් මෙම සිදුවීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වීමත් සමඟින් බොහෝ තාක්ෂණික සමාගම් ලහි-ලහියේ එම කටයුත්ත නවත්වා, ඊට අදාල updates නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ අතර, තවත් සමාගම් එය ඉදිරියේදී නවත්වනු ලබන බවට පොරොන්දු වී තිබුණා.

iOS clipboard එකේ ඇති දත්ත හොර රහසේම copy කරගන්නා ගැටළුව විසඳීමට කටයුතු කරනු ලබන බව Reddit සහ LinkedIn ආයතන ප්‍රකාශ කරයි
iOS 14 සංස්කරණය හඳුන්වාදීමත් සමඟින් එහි security feature එකක් ලෙස clipboard එකේඇති දත්ත copy කරගන්නා විට ඒ බව toast message එකක් හරහා පරිශීලකයාව දැනුවත් කිරීමේපහසුකමක් ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා. මේ අලුත් පහසුකමත් සමඟින්, TikTok ඇතුලු තවත් apps ගණනාවක් විසින් පරිශීලකයාගේ දත්තහොර රහසේ…

කොහොම නමුත් මේ වන විට මෙලෙස පරිශීලකයාගේ අවසරයකින් තොරව පෞද්ගලික දත්ත access කිරීම හේතුවෙන් LinkedIn ආයතනයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර ඇති නමුත්, LinkedIn සමාගම විසින් ප්‍රකාශ කර සිටින්නේ මෙලෙස access කළ ‍දත්ත කිසිඳු විටෙක store කරගැනීමට කටයුතු නොකළ බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.