Lenovo Flex 5G Laptop එක පිළිබඳව මුල්ම හෙළිදරව්ව සිදුවූයේ CES 2020 ප්‍රදර්ශනයයේදී වන අතර දැන් Lenovo සමාගම සූදානම් වන්නේ මෙම Laptop එක වෙළඳපොලට නිකුත් කිරීමටයි.

එළඹෙන ජුනි 18 වනදා ඇමරිකානු වෙළඳපොල මූලික කරගෙන නිකුත් කරන මෙය 1399$ තරම් ඉහළ මුදලකට මිල නියම කර තිබෙනවා.

Qualcomm සමාගමේ Snapdragon 8cx Chipset එක මඟින් මෙම Laptop එක බලගන්වා ඇති අතර එය ඉතා හොඳ Battery කාර්‍ය්ක්ෂමතාවක් ලබාදෙන බවත්, එක් ආරෝපණයකින් දවසක පමණ කාලයක් නැවත ආරෝපණය නොකර මෙම Laptop එක භාවිතා කළ හැකි බව Lenovo සමාගම ප්‍රකාශ කරනු ලබනවා.

එමෙන්ම Qualcomm X55 5G Modem එකක් මෙහි අන්තර්ගත කර ඇති අතර ඒ නිසා Flex 5G Laptop එක mmWave හා sub-6GHz යන දෙවර්ගයේම Network සඳහා සහය දක්වනවා.

එමෙන් ම මෙහි 1920 x 1080 Resolution එකක් සහිත අඟල් 14ක Multitouch IPS තිරයක්, 8GB RAM එකක්, 256GB ක storage එකක්, USB-C ports දෙකක් මෙන්ම Headphone jack 1 ක් හා fingerprint reader එකක්ද ඇතුළත් වන අතර Windows 10 Pro සංස්කරණය ස්ථාපනය කර තිබෙනවා.

නමුත් මෙම Laptop එක දැනට නිකුත් කර ඇත්තේ Verizon Network එක ඔස්සේ පමණක් වුවද එයට හැකි වන්නේ mmWave (Millimeter Band) ඔස්සේ 5G සේවා ලබා දීමට පමණයි.

Verizon යනු Wireless උපාංග හා Service ලබා දෙන ඇමරිකානු Telecommunication සේවා සපයන ආයතනයක් වන අතර Verizon විසින් Flex 5G Laptop එක සඳහා 5G Ultra Wideband Connected Device Plan නමින් නව සැලසුමක්ද හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මෙහි 5G සේවාවන් භාවිත කල හැක්කේ Verizon Network එක ආවරණය කර ඇති ප්‍රදේශ වලදී පමණක් වන නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස් විය හැකි අතර ඊට හේතුව නම් Lenovo සමාගම මේ වන විටත් එක්සත් රාජධානියේ EE, ස්විට්සර්ලන්තයේ Sunrise හා චීනයේ CMCC යන Network සමඟ සම්බන්ධ වී අනාගත Flex 5G Laptop නිකුත් කරන්නට සූදානමින් සිටින බව වාර්ථා වීමයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Lenovo වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.