Nokia N95 Sliding Phone එකෙහි ප්‍රතිනිර්මාණයක් ලෙස සැළකිය හැකි HMD සමාගමේ නව Smartphone concept එකක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි
වර්තමාන smartphone යුගයට පෙර ජංගම දුරකථන ලෝකයේ පෙරළිකාර සමාගම බවට පත්වී තිබුණේ Nokia සමාගම බව අමුතුවෙන් කිවයුතු නැහැ.
එම තත්වය දැන් තරමක් වෙනස් වී තිබෙන අතර වර්තමානයේ smartphone සාම්ප්‍රදායික පැතලි design වලින් බැහැරට ගොස් නව්‍යකරණය වී තිබෙන අතර Galaxy Fold, LG Wing වැනි උපාංග ඊට හොඳම උදාහරණයන් වෙනවා.
නමුත් මීට කාලයකට පෙර මෙම සාම්ප්‍රදායික පැතලි design වෙනුවට සෑම විටම නව්‍යකරණයන් හඳුන්වාදීමට එකල Nokia සමාගමද සමත් වූ අතර විවිධ මාදිලි වලින් නිකුත් වූ flip හා sliding phone ඒවාට හොඳම උදාහරණ වෙනවා.
එයිනුත් Nokia සමාගම 2007 වර්ෂයේ දී නිකුත් කල Nokia N95 sliding phone එක එකල අද්විතීය නිර්මාණයක් බවට පත්ව තිබූ අතර එය 3G සම්බන්ධතාවය සහිත වූ ජංගම දුරකථනයක් වුණා පමණක් නොව, ඉහලට slide කල විට keyboard එකත්, පහළට slide කල විට music control keys වලින් යුත් පුවරුවක් ලබාදෙන්නටත් සමත් වී තිබුණා.
මේ අතර වර්තමානයේ අපට අසන්නට ලැබෙන විවිධ smartphone නව්‍යකරණයන් සම්බන්ධ සමාගම් අතරෙහි Nokia යන නාමය ඇසෙන්නේම නැති තරම් වන නමුත් දැන් එම තත්වය වෙනස් වීමට යන පුවතක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා.
Check out this awesome piece on Nokia N95 from @theMrMobile! We looked at a remake of this icon and also considered a vertical slide concept but the major issue here was that you could not access cameras and the speaker at the same time. Check out the sketch. What would you do? https://t.co/uIHewym3YG pic.twitter.com/7WbUawT3ld
— Juho Sarvikas (@sarvikas) November 7, 2020
Michael Fisher ගේ Mr.Mobile නම් YouTube නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ HMD Global සමාගම විසින් යලිත් මෙම Nokia N95 sliding උපාංගය හා සමාන mechanism එකකින් යුත් sliding phone එකක් සම්බන්ධයෙන් අත්හදාබැලීම් සිදු කරමින් සිටින බවයි.
මෙම උපාංගය ද slide කල විට selfie කැමරාව හා speakers දැකගැනීමට හැකියාව ලැබෙන අතර තිරය කිසිදු punch හෝ notch එකක් නැති නිදහස් තිරයක් වෙනවා.
එමෙන්ම මෙහි Zeis Optic වලින් සමන්විත වන පිටුපස රවුම් කැමරා module එකට ring එකක් සම්බන්ධ කර තිබෙන අතර, ඔබ එය table එකක් මත තබාගෙන වීඩියෝ call හෝ film බලන විට ආධාරකයක් ලෙස භාවිතා කලහැකි වෙනවා.
මේ නවතම device එක පිළිබඳව Michael Fisher විසින් තබන ලද Twitter සටහනට පිළිතුරු ලබා දුන් HMD Global සමාගමේ CPO, Juho Sarvikas විසින් මෙම sliding concept එක සහිත උපාංගයක් පිළිබඳව වූ අදහස බැහැර කර නැති අතර, ඔහු විසින්ද N95 ම නොවුණත්, එවැනි Sliding mechanism එකක් සහිත Device එකක් පිළිබඳව ඉඟි කර තිබෙනවා.
මේ පිලිබඳව තවත් තොරතුරු ඉදිරියේදී අපට දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර ඒවා ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නටත් අප බලාපොරොත්තුවෙන් සිටිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Nokiamob වෙබ් අඩවිය සහ Nokia Poweruser වෙබ් අඩවිය භාවිතා කළ හැක.