KFC ආයතනය විසින් ඔවුන්ගේ “restaurant of the future” concept එක යටතේ ලොව ප්‍රථම වතාවට lab එකක් තුළ නිර්මාණය කරනු ලැබූ chicken nuggets වෙළඳපොලට ඉදිරිපත් කිරීමට මේ වන විට සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.

මෙම කටයුත්ත සිදු කිරීම සඳහා 3D Bioprinting කටයුතු සිදු කරන රුසියානු ආයතතනයක් වන 3D Bioprinting Solutions ආයතනයේ සහයෝගීත්වය ලබාගනු ලැබෙන අතර, මේ අනුව මෙම වසරේ අවසාන භාගය වන විට chicken cells සහ plant material, එහෙමත් නැති නම් කුකුල් සෛල සහ ශාක කොටස් භාවිතා කරමින් print කරන ලද chicken nuggets ‍තම පාරිභෝගිකයින් වෙත ලබාදීමට KFC ආයතනය බළාපොරොත්තුවෙන් සිටිනවා.

මෙහිදී KFC chicken වල ඇති සාමාන්‍යය රස ලබාගැනීම සඳහා KFC සමාගම විසින් දැනට භාවිතා කරන රසකාරක වැනි ද්‍රව්‍යය අදාල සමාගම වෙත ලබාදීමට කටයුතු කෙරෙනු ඇති අතර, සැබෑ කුකුල් මස් වල ස්භාවය ඇති 3D bioprint තාක්ෂණය යටතේ නිෂ්පාදනය කළ කුකුල් මස් නිර්මාණය කිරීම එම සමාගමේ කාර්යයභාරය වෙනවා.

කොහොම නමුත් මෙම ක්‍රියාවලිය සඳහා තවදුරටත් සත්ත්ව කොටස් භාවිතා වන නිසාවෙන් මේ හරහා නිෂ්පාදනය කෙරෙන chicken nuggets සම්පූර්ණයෙන්ම vegetarian නොවන බව ඔවුන් පෙන්වා දෙන අතර, පසුගිය වසරේ හඳුන්වා දුන් ශාක කොටස් වලින් පමණක් නිර්මාණය කළ vegetarian chicken products ඉදිරියේදී ඔවුන්ගේ අනෙකුත් restaurents වලට ද ව්‍යාප්ත කිරීමට සූදානමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කරනවා.

සාම්ප්‍රදායික farming ක්‍රම වලට වඩා, මේ bioprint තාක්ෂණය යටතේ කුකුළු මස් නිෂ්පාදනය කිරීම මගින්, හරිතාගාර වායු විමෝචනය (greenhouse gas emissions) සහ බලශක්ති පරිභෝජනය හරහා පරිසරයට සිදු වන හානිය අවම කරගැනීමට හැකියාව ලැබෙන බව KFC ආයතනය පෙන්වා දෙනවා.

මේ ආකාරයෙන් නිර්මාණය කෙරෙන කෘතීම කුකුළු මස් මෙම වසරේ සැප්තැම්බර් - නොවැම්බර් යන කාළසීමාව ඇතුලත රුසියාවේ මොස්කව් වලදී පරීක්ෂා කිරීමට කටයුතු කිරීමට KFC ආයතනය සූදානමින් සිටින නමුත්, මෙය පාරිභෝගියකයින් සඳහා නිකුත් කිරීම සඳහා වන දින වකවානු පිළිබඳව තවමත් වාර්ථා වන්නේ නැහැ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ KFC වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.