කුඩා Notch එකක් සමඟින් iPhone 13 ජංගම දුරකථනය එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි

තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකු ඉතා විමසිල්ලෙන් බලා සිටි නවතම iPhone line-up එක, එනම් iPhone 13 line-up එක ඊයෙ හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කලා.

Covid වසංගත තත්වය නිසා පෙර වසරේ මෙන්ම මේ වසරේදී ද live virtual event එකක් ලෙස මෙම අවස්ථාවද පැවති අතර, මෙහිදී iPhone 13 line-up එක මෙන්ම iPad mini 6 හා Apple watch series 7 ඇතුළු තවත් අලුත් products කීපයක්ම නිකුත් කිරීම සිදු කෙරුණා.

iPhone 13 දුරකථනයද , 99% ක්ම පාහේ iPhone 12 design එකට සමානව නිර්මාණය කර තිබූ අතර, 12 එකට සාපේක්ෂව කුඩා notch එකක්, Camera improvements කීපයක් හා තවත් වැඩිදියුණු කිරීම රැසක් සිදු කිරීමට Apple සමාගම කටයුතු කර තිබුණා.

Apple සමාගම විසින් මෙවර iPhone 13 මාදිලි හතරකින් නිකුත් කරනු ලැබුවා,

  1. iPhone 13 mini
  2. iPhone 13
  3. iPhone 13 Pro
  4. iPhone 13 Pro Max

iPhone 13 mini සහ iPhone 13

Design

iPhone 13 mini හා iPhone 13 දුරකථන නවතම වර්ණ කිහිපයකින් නිකුත් වුණා. ඒ Pink , Blue , Midnight , Starlight සහ (Product) Red යන වර්ණයන්ගෙන්. මෙයට Aluminum mid-frame එකක්ද glass front එකක් වගේම glass back එකක්ද, "Ceramic Shield" Glass Protection එකකින්ද නිර්මාණය වී තිබෙනවා. iPhone 13 mini දුරකථනය 5.4-inch Super Retina XDR OLED Display එකකින් සමන්විත වනවා. iPhone 13 දුරකථනයට යොදාගෙන ඇත්තේ 6.1-inch Super Retina XDR OLED Display එකකි. එය මීට පෙර iPhone 12 මාදිලියේ ජංගම දුරකථනවලට වඩා 28% කින් දීප්තිමත් වනවා.

iPhone 13 මාදිලියේ ජංගම දුරකථන වල Design එක බෙහෙවින් iPhone 12 මාදිලියේ ජංගම දුරකථනවලට සමාන වුවත්, මීට පෙර පැවති iPhone මාදිලි වල Display Notch එකට වඩා iPhone 13 මාදිලියේ ජංගම දුරකථන වල Display Notch 20% කින් අඩු කිරීමට Apple ආයතනය කටයුතු කර තිබුණා

Performance

මෙම iPhone 13 mini සහ iPhone 13 එකෙහි performance ගැන කතා කරන විට, මෙය Apple A15 Bionic Chip එක මගින් බල ගැන්වෙනවා. 6 core CPU එකක් සහ 4 core GPU එකකින් මෙම දුරකථනය නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම මෙයට 16 core Neural Engine එකද ඇතුළත් වනවා. එම නිසා ඉතා Heavy Graphics සහිත Games Play කිරීමට සහ විවිධ කාර්‍යයන් සදහා වෙන් වුනු විවිධ යෙදුම් (Apps) කිසිදු ගැටලුවක් නොමැතිව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

Camera

iPhone 13 මාදිලියේ ජංගම දුරකථන වල Camera එක සම්පූර්ණ වශයෙන් Redesign කිරීමට Apple ආයතනය කටයුතු කර තිබුණා. ඒ අනුව iPhone 13 mini සහ iPhone 13 දුරකථන නිකුත් වූයේ Dual Camera Setup එකක් සමගින්. මෙහි Back Camera එකෙහි Primary Camera එක 12 Megapixel ද , Secondary Camera එක 12 Megapixel Ultra-wide Camera එකකින්ද සමන්විත වනවා. ඒ වගේම Front Camera එකද 12 Megapixel Ultra-wide camera එකකින් සමන්විත වනවා.

මෙහිදී Apple ආයතනය iPhone 13 එකෙහි camera system එක Hardware මෙන්ම software අතින්ද වඩාත් දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. මීට පෙර Photo Capture කිරීම සදහා පැවති Portrait Mode විශේෂාංගය වැඩි දියුණු කරමින් Video Capture කිරීම සදහාද Cinematic Mode නමින් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙනු ලැබුවා. iPhone 13 Camera Setup එක මගින් ඉතා ඉහළ සහ වෘත්තීය මට්ටමේ නිර්මාණ කිරීමේ හැකියාව පරිශීලකයන්ට ලැබෙන බවද Apple ආයතනය වැඩි දුරටත් පවසා සිටියා.

Other Features

මෙම දුරකථනය A15 Bionic Chip එක මගින් බල ගැන්වී ඉතා උසස් Performance එකක් ලබා දුන්නත් අපට මෙහි Battery Life එක පිළිබඳවනම් කනගාටු වීමට කාරණා නෑ. iPhone 13 ජංගම දුරකථනය iPhone 12 ජංගම දුරකථනයට වඩා පැය 2.5 ක බැටරි ආයුකාලයකින්ද, iPhone 13 mini ජංගම දුරකථනය iPhone 12 mini ජංගම දුරකථනයට වඩා පැය 1.5 ක බැටරි ආයු කාලයකින්ද යුක්ත වනවා. ඒ වගේම MagSafe Battery Pack එකද iPhone 13 ජංගම දුරකථන සදහා Support කරනවා.

ඒ වගේම මෙය ඔබට Storage Option තුනක් යටතේ මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ 128GB , 256GB හා 512GB ලෙසයි.

iPhone 13 ජංගම දුරකථන මාදිලි සදහා 5G සහය ලබා දීමට කටයුතු කර ඇති අතර එය රටවල් 60ක දුරකථන සේවා සපයන ආයතන 200කට අධික ප්‍රමාණයක ජාලයන් සදහා සහය දක්වන ආකාරයට නිර්මාණ කර ඇති බවද Apple ආයතනය පවසා සිටියා.

ඒ වගේම Apple ආයතනය විසින් iPhone 13 ජංගම දුරකථන පරිසර හිතකාමී ආකාරයට නිර්මාණය කර තිබෙනවා. ඔවුන් 100% ප්‍රතිචක්‍රීකරණය කරන ලද Aluminum වලින් iPhone 13 ජංගම දුරකථන නිර්මාණය කර තිබෙන අතර මෙම ජංගම දුරකථන වල පැත්තේ ඇති ඇන්ටනා හිඩැස් සදහා භාවිතා කර ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද Plastic බෝතල් ද වන බව ඔවුන් විසින් පවසා සිටියා.


iPhone 13 Pro සහ iPhone 13 Max

Design

iPhone 13 Pro සහ iPhone 13 Pro Max දුරකථන වර්ණ කිහිපයකින් නිකුත් වුණා. ඒ Graphite, Gold, Silver යන වර්ණයන් ඒ අතරට නවතම වර්ණය Sierra Blue එක් වුනා. මෙයට Surgical-grade stainless Steel frame එකක්ද glass front එකක් වගේම glass back එකක්ද, "Ceramic Shield" Glass Protection එකකින්ද නිර්මාණය වී තිබෙනවා. iPhone 13 mini එක හා iPhone 13 එකට වඩා මෙය තරමක් විශාලය. iPhone 13 Pro දුරකථනය 6.1-inch Super Retina XDR OLED Display එකකින් ද iPhone 13 Pro Max දුරකථනය 6.7-inch Super Retina XDR OLED Display එකකින් සමන්විත වනවා.

Performance

මෙයද Apple A15 Bionic chip එක මගින් බල ගැන්වෙනවා. මෙයට A14 Bionic chip එකට වඩා 50% වේගවත් Hexa-core CPU එකක්ද 50% වේගවත් 5 core GPU එකකින්ද සමවිත වනවා. මෙහි Architecture එක සම්පූර්ණයෙන්ම වෙනස් කර Redesign කර ඇති අතර. Heavy Graphics සහ විවිධ විශාල යෙදුම් වැනි දෑ ඉතා පැහැදිලිව හා වේගවත්ව සිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

මෙහි Super Retina XDR OLED Display එකත් සමග එන Pro Motion විශේෂාංගය මගින් පරිශීලකයාගේ ඇගිල්ලේ වේගයට සමාන 10Hz - 120Hz දක්වා Refresh Rate එක වැඩි කරගැනීමේ හැකියාවක් පවතිනවා. එමගින් Smooth Graphics මෙන්ම Responsible Frame Rate එකක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

Camera

iPhone 13 Pro සහ iPhone 13 Pro Max ජංගම දුරකථන මාදිලි වලට ඇත්තේ 12MP Triple Camera Setup එකක්. Back Camera එකෙහි Main Camera lens එක විදිහට 77mm Telephoto Lens එකක්, ƒ/1.5 aperture එකක් සහිත Wide Camera lens එකක් සහ ƒ/1.8 aperture එකක් සහ 120° field of view එකක් සහිත Ultra Wide Camera lens එකක් සමගින් මෙම Triple Camera Setup එක සමන්විත වනවා.

මීට අමතරව Night mode පහසුකම, 15x දක්වා Digital zoom පහසුකමද, Deep Fusion, Smart HDR 4, Apple ProRAW, Auto image stabilization ඇතුළු විශේෂාංග ගනණාවක් මෙයට ඇතුළත් වනවා. මෙම Triple Camera Setup එකෙහි Macro lens එකක් නොතිබුණත් 2 cm දක්වා ලගට කර ඉතා පැහැදිලි Macro Photos Capture කිරීමේ හැකියාව මෙහි ඇති Ultra Wide Camera lens එකට තිබෙනවා.

ඒ අතර මෙමඟින් 4K videos 30 fPS දක්වා record කිරීමේ පහසුකම සමගින් Cinematic Mode විශේෂාංගය හදුන්වා දී තිබෙනවා. ඒ වගේම Apple FinalCut Pro මෘදුකාංගයේ ඇති විශේෂාංගවලට සමාන Video Editing විශේෂාංගයක් මේ වසරේ අග වන විට ProRes Video නමින් එක් කිරීමට Apple ආයතනය කටයුතු කරන බව ඔවුන් පවසා සිටියා.

Other Features

iPhone 13 Pro ජංගම දුරකථනය iPhone 12 Pro ජංගම දුරකථනයට වඩා පැය 1.5 ක බැටරි ආයුකාලයකින්ද, iPhone 13 Pro Max ජංගම දුරකථනය iPhone 12 Pro Max ජංගම දුරකථනයට වඩා පැය 2.5 ක බැටරි ආයු කාලයකින්ද යුක්ත වනවා. ඒ වගේම MagSafe Battery Pack එකද iPhone 13 ජංගම දුරකථන සදහා Support කරනවා.

iPhone 13 Pro සහ iPhone 13 Pro Max ජංගම දුරකථන මාදිලි සදහා 1TB (1024GB) Storage Option එකක් හදුන්වා දෙනු ලැබුවා. ඒ අනුව මෙය 128GB , 256GB, 512GB හා 1TB  ලෙස Storage Option හතරක් යටතේ මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

iPhone 13 ජංගම දුරකථන මාදිලි සදහා 5G සහය ලබා දීමට කටයුතු කර ඇති අතර එය රටවල් 60ක දුරකථන සේවා සපයන ආයතන 200කට අධික ප්‍රමාණයක ජාලයන් සදහා සහය දක්වන ආකාරයට නිර්මාණ කර ඇති බවද Apple ආයතනය පවසා සිටියා. iPhone 13 Pro සහ iPhone 13 Pro Max දුරකථන මාදිලි වල 9.6Gbps ආසන්න අන්තර්ජාල වේගයක් යටතේ අන්තර්ජාලය භාවිතා කිරීමේ හැකියව ලැබෙනවා

iPhone 13 Pro සහ iPhone 13 Pro Max ජංගම දුරකථන මාදිලිද පරිසර හිතකාමී ලෙස නිර්මානය කිරීමට Apple ආයතනය කටයුතු කර තිබෙනවා.


Apple ආයතනය විසින් iPhone 12 සදහා නියම කර තිඹුණු මිලම iPhone 13 mini සහ iPhone 13 සදහා නියම කිරීමට කටයුතු කර තිබුණා. ඉහත රූපයේ දැක්වෙන ආකාරයට විවිධ Storage Options යටතේ iPhone 13 ජංගම දුරකථන මාදිලි හතර මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

කෙසේ වෙතත් ඩොළරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යෑම හා මහ බැංකුව විසින් අලුතින් හඳුන්වාදුන් ආනයන සීමාව හමුවේ ආනයනික භාණ්ඩ ‍බොහෝමයක මිල ශ්‍රී ලංකාව තුල ඉහළ යමින් පවතින අතර, මේ හේතුව නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන ජංගම දුරකථන වල මිල ද සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇතැයි අනුමාන කළ හැකිය.

මෙම පසුබිම තුළ iPhone 13 ජංගම දුරකථන සඳහා ද ඉතා ඉහළ මිලක් ගෙවීමට ශ්‍රී ලාංකිකයන් හට සිදු වනු ඇති බව මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.

මෙම ලිපිය Apple California Streaming YouTube Live Video එක ආශ්‍රයෙන් ලියූ ලිපියකි.