YouTube Shorts හරහා මුදල් ඉපැයිය හැකි YouTube Shorts Fund නම් පහසුකමක් හඳුන්වාදීමට කටයුතු කරයි

TikTok සමගින් තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් YouTube ආයතනය විසින් හඳුන්වා දුන් බව ඔබ අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

TikTok සමඟින් තරඟ කිරීමට Shorts නම් වූ අලුත් අංගයක් හඳුන්වාදීමට YouTube ආයතනය සූදානම් වෙයි
කෙටි වීඩියෝ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ අතිශය සාර්ථක වූ App එකක් ලෙස Tik Tok හඳුන්වා දිය හැකියි. එය කෙතරම් ජනප්‍රිය වූයේ

කෙසේ වෙතත් මේ වන තෙක් YouTube Short videos monetize කිරීමේ හැකියාව YouTube ආයතනය විසින් ලබා දී නොතිබු අතර මිට සුළු ‌‌මොහොතකට පෙර YouTube සමාගම විසින් නිකුත් කරන ලද නිළ video එකක් මඟින් ඔවුන් විසින් YouTube Shorts Fund නම් වන මේ පහසුකම හඳුන්වාදීමට කටයුතු කළා.

YouTube Shorts Fund

YouTube සමාගම සැළසුම් කර ඇති පරිදි, Shorts නිර්මාණය කරන්නන් හට මසකට ඩොළර් 10,000ක් දක්වා ගෙවීම් සිදු කරනු ඇති අතර, මීළඟ වසර තුලදී ගෙවීම් සිදු කිරීම වෙනුවෙන් ඩොළර් මිලියන 100ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම මෙම මාසයේ සිට එම ගෙවීම් සිදු කිරීමට ඔවුන් සැළසුම් කර තිබෙනවා.

ඔබ විසින් පහත සඳහන් නිර්ණායක සම්පුර්ණ කරන්නේ නම් ඔබ YouTube Shorts Fund bonus එක ලබාගැනීමට සුදුසුකම් ලබන බව YouTube ආයතය විසින් ප්‍රකාශ කරනු ලබනවා.

  • පසුගිය දින 180 තුළ ඔබගේ YouTube නාලිකාවේ අවම වශයෙන් සුදුසුකම් ලත් එක් Shorts video එකක්වත් upload කර තිබිය යුතුය.
  • ඔබගේ YouTube නාලිකාව YouTube’s Community Guidelines, copyright rules, සහ monetization policies පිළිපැදිය යුතුය.
  • Third-party social media platforms වලින් watermarks හෝ logos ඇති videos, non-original videos (උදාහරණක් ලෙස, චිත්‍රපටි හෝ රූපවාහිනී වැඩසටහන් වල edit නොකළ clips) හෝ වෙනත් නිර්මාණ කරුවන්ගේ නාලිකා වලින් Re-Upload කළ videos සුදුසුකම් නොලබයි.
  • Creators මෙම රට/කලාප වල සිටිය යුතුය: බ්‍රසිලය, ඉන්දියාව, ඉන්දුනිසියා, ජපානය, ‌මෙක්සිකෝව, නයිජීරියාව, රුසියාව, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය
Note : ඉදිරියේදී තවත් රටවල් සහ කලාප එකතු කිරිමට YouTube ආයතනය විසින් කටයුතු කරන බවට ප්‍රකාශ කර තිබෙනවා.
  • නිර්මාණකරුවන්ගේ වයස අවුරුදු 13ට වඩා වැඩි විය යුතු අතර නිර්මාණකරුගේ මෙම වයස් සීමාව ඔහු ජිවත් වන රට අනුව වෙනස් වේ.
  • වයස අවුරුදු 13-18 අතර නිර්මාණකරුවන්ට දෙමාපියෙකු හෝ භාරකරුවෙකු සිටිය යුතු සේම YouTube සමාගම විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි පිළිගෙන AdSense account එකක් ආරම්භ කල යුතුවේ.

YouTube Shorts Fund සඳහා සුදුසුකම් ලැබීමට ඔබගේ නාලිකාව දැනටමත් YouTube Partner Program එක සඳහා සම්බන්ධ වි තිබීම අවශ්‍ය නොවන බව YouTube ආයතන විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Introducing the YouTube Shorts Fund
We’re introducing the YouTube Shorts Fund, a $100M fund distributed over the course of 2021-2022.

මෙහිදි සඳහන් කලයුතු විශේෂතම කාරණයක් වනුයේ YouTube Shorts Fund එක මඟින් ඔබ වෙත මුදල් ගෙවනු ලබන්නේ වෙළඳ දැන්වීම් මත නොව ඔබගේ shorts videos වල ජනප්‍රියතාවය මතය. ‌මේ නිසා කිසියම් මාසයකදී නිර්මාණකරුවන්ට කොපමණ ප්‍රමාණයක් උපයා ගත හැකිද යන්න පිළිබඳ විනිවිදභාවය අඩු වුවද මෙහි ප්‍රතිඵලය YouTube Shorts නිර්මාණකරුවන්ට ලාභදායී විය හැකි ය.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ YouTube Help වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.