Stories යනු Instagram හි ඉතාම ජනප්‍රිය විශේෂාංගයක් වන අතර Instagram පරිශීලකයන් දිනපතාම විවිධ Content, Stories වල පල කරනු ලබනවා.

නමුත් මේ වන විට Instagram හි Stories පෙන්වනු ලබන්නේ එක Row එකක, එහෙමත් නැතිනම් තනි පේලියක පමණක් වන නිසා Display එක මත එක් වරකට නැරඹිය හැක්කේ පරිශීලකයන් හතර දෙනෙකුගේ Stories පමණක් වන අතර අනෙක් අයගේ Stories නැරඹීමට නම් Stories Row එක Slide කිරීමට සිදුවනවා.

මෙම අපහසුතාවය යම් පමණකින් අවම කිරීමට Instagram සූදානම් වන බවට ඇඟවෙන පුවතක් Toranji වෙබ් අඩවිය වාර්ථා කරන අතර මේ අනුව Row දෙකක් භාවිතා කරමින් Instagram Stories පෙන්විය හැකි ක්‍රමයක් හඳුන්වාදීමට මොවුන් සූදානම් වෙනවා.

Image credits: toranji වෙබ් අඩවිය

ඒ අනුව Instagram පරිශීලකයන් හට Stories Row එක Slide කිරීමකින් තොරව අට දෙනෙකුගේ Stories එකවර තිරය මත නැරඹිමට හැකියාව ලැබෙන අතර බොහෝ මිතුරන් හා Instagram Page බොහෝ ප්‍රමාණයක් Follow කරන පරිශීලකයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇති බව Instagram හි අපේක්ෂාවයි.

එමෙන්ම මෙම නවතම පහසුකම සියලුම Instagram පරිශීලකයන්ට මේ වන තුරු ලබා දී නැති අතර තෝරාගත් ඇතැම් පරිශීලකයන්ට පමණක් එහි ප්‍රවේශය ලබා දී තිබෙන නමුත් ඉදිරියේදී එය සියලුම දෙනාට ලබා දීමට Instagram ආයතනය කටයුතු කරනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchina වෙබ් අඩවිය සහ Social Media Today වෙබ් අඩවිය භාවිතා කළ හැක.