Instagram Business පරිශීලකයින් සඳහා Ads වලදී WhatsApp පරිශීලකයින් සමඟ සෘජුවම සම්බන්ධවීමේ හැකියාවක් ලබාදෙයි

ඔබට මොනයම් හෝ ව්‍යාපාරයක් ඇත්නම් මෙම වසංගත් සමයේදී හෝ ඔබගේ ව්‍යාපාරය ක්‍රියාකාරීප පවත්වාගැනීමට, පාරිභෝගිකයන්ගේ පහසුව සදහා සහ ව්‍යාපාර වලටම අනන්‍ය වූ විවිධ විශේෂාංග ඇති නිසා WhatsApp Business යෙදුම භාවිතා කරනවා වන්නට පුලුවන්. ඒ වගේම ඔබ ව්‍යාපාරය සදහා Facebook Page එකක් පවත්වාගෙන යන්නෙ නම් ඔබට WhatsApp Business ගිණුම Facebook Page එකට Link කර හැකි බවද ඔබ දන්නවා ඇති.

ව්‍යාපාරය දියුණු කර ගැනීම සදහා භාවිතා කළ හැකි මීළග සමාජ මාධ්‍ය වන්නෙ Instagram ය. මෙමගින් විශාළ ප්‍රමාණයේ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ඔබගේ ව්‍යාපාරය සදහා නැබුරු කර ගැනීමේ හැකියාව පවතින අතර, Instagram Business ගිණුමට ඔබට WhatsApp Business ගිණුම සමඟින් Link කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉන් පසු පහත රූපයේ පරිදි Business Profile එක මත WhatsApp ලෙස සෘජුවම WhatsApp වෙත පණිවුඩ යැවිය හැකි Button එකක් Display වන ආකාරය ඔබට දැක ගත හැක.


මෙම කරුණ කියූ සැනින් ඔබගේ මනසට පැමිණෙන්නේ “ Instagram හරහාද Message යැවීමට හැකියාව තිබෙනවා නම් ඇයි WhatsApp හරහා Message යැවීමට පාරිභෝගිකයා නැඹුරු කරන්නේ ” යන්නයි. එක් කෝණයකින් එක නිවැරදි ලෙස පෙනුනද බොහෝ දෙනාට පහසු සහ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන Messaging App එක ලෙස අපට WhatsApp හැදින්වීමට පුලුවන්. තවද WhatsApp Business තුළ ඇති Catalog, Auto reply වැනි විශේෂාංග හේතුවෙන් පාරිභෝගිකයාට හොද සේවයක් ලබාදීමේ හැකියාවද මෙමගින් ලැබෙනවා.

ඔබ Instagram පරිශීලකයෙක් නම් Home Feed එක තුළ විවිධ වර්ගයේ Sponsored ලෙස Ads Display වනවා ඔබ දැක ඇති. මෙහිදී එම Sponsored Post එකෙහි පහළින් , Click to Facebook, Click to Direct Message වැනි තීරුවක් මීට පෙර ඔබට දැක ගත හැකි වූවා.

නවතම යාවත්කාලීන කිරීම මගින් එවැනි Sponsored Post සදහා Click To WhatsApp Message ලෙස Option එකක් එක් කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. මෙමඟින් ඉහත සඳහන් කළ පරිදි Ad එක හරහා පාරිභෝගිකයන්ව සෘජුවම WhatsApp වෙත ගෙනවා ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Instagram නිළ වෙබ් අඩවිය සහ SocialMediaToday වෙබ් අඩවිය භාවිතා කළ හැක.