වෙනත් භාෂාවකින් පවතින Text සහිත Instagram Stories ස්වයංක්රීයව Translate වන පහසුකමක් හදුන්වා දෙයි
2016 වසරේ සිට Instagram භාවිතා කරන්නන් හට වෙනත් භාෂාවකින් පවතින Comments වලදී, Post එකක caption වලදී හා User Bio වලදී Instagram App එක තුළ සිටම තමා භාවිතා කරන භාෂාවට Translate කර ගැනීමට හැකියාව පැවතුනද මේ වන තුරුත් Instagram Stories වල පවතින Text වලට මෙම පහසුකම ලැබී තිබුණේ නෑ.
කෙසේ නමුත් ඔන්න දැන් Text සහිත Instagram Stories Translate කර බැලීමට හැකි පහසුකමක් භාෂා 90 කට ලබාදීමට කටයුතු කරමින් සිටින බව Instagram සමාගමේ නිළ ආරංචි මාර්ග හරහා මේ වන විට තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
Excited about this: now you can see text translations in Stories.
— Vishal Shah (@vishalshahis) July 21, 2021
When you’re watching a story with text, you’ll get a ‘See Translation’ notice if your set language is different than the one in the story. Tap it and a translation will pop up.
Rolling out in 90+ languages. pic.twitter.com/hf0LtiabrK
Instagram සමාගමේ VP කෙනෙකු වන Vishal Shah විසින් සිය නිල Twitter ගිණුමේ මේ පිළිබඳව සඳහන් කරමින් පැහැදිලි කර සිටින්නේ මෙම පහසුකම හරහා Instagram භාවිතා කරන්නෙකු තමා එහි භාවිතා කරන භාෂාව හැර වෙනත් භාෂාවකින් පවතින Instagram Story එකක් නරඔන අවස්ථාවකදී See Translation ලෙස Stories එකෙහි ඉහළ කෙළවරෙහි පෙන්වීමට කටයුතු කරන බවත්, එය මත Tap කිරීමෙන් පසු පරිශීලකයා භාවිතා කරන Primary Language එකෙන් Translation වූ Text එක පහළින් බලා ගත හැකි වන බවත්ය.
එමෙන්ම මෙම පහසුකම තවමත් Text වලට පමණක් සීමා වී ඇති අතර Direct audio conversion සඳහා මෙම පහසුකම තවමත් අත් විඳීමට නම් හැකියාව ලැබෙන්නේ නැහැ.
ඔබට තවමත් මෙම පහසුකම ලැබී නොමැති නම් නුදුරේදීම මෙම පහසුකම අත්විදීමට හැකියාව ලැබෙනු ඇත.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Social Media Today වෙබ් අඩවිය භාවිතා කළ හැක.