ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කරයි
ඉන්දියාව සහ චීනය අතර පසුගිය දින වල දේශ සීමා නිසාවෙන් ඇතිවී තිබුණු උණුසුම් තත්ත්වය පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති.
ඔන්න දැන් ඉන්දියාව විසින් ඔවුන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් චීනය විසින් නිෂ්පාදනය කළ apps 59ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කර ඇති අතර එරට තුළ මෙන්ම ලොව පුරා ඉතාමත් ජනප්‍රිය TikTok, Share It මෙන්ම UC Browser වැනි apps ද මේ අනුව ඉන්දියාව තුළ භාවිතා කිරීම තහනම් වෙනවා.
ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය වාර්ථා කරන පරිදි පරිශීලකයාගේ අවසරයකින් තොරව දත්ත එකතු කර, ඒවා ඉන්දියාවෙන් පිටත servers වල ගබඩා කරගැනීමට කටයුතු කිරීම පිළිබඳව පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත්, ඒ ඔස්සේ කෝටි 130ක් පමණ වන ඉන්දියානුවන්ගේ privacy එක ආරක්ෂා කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බව ඔවුන් ප්‍රකාශ කරනවා.
මේ අනුව මෙලෙස නම් කරනු ලැබූ apps 59, mobile හෝ mobile නොවන internet එක හා සම්බන්ධ devices වල භාවිතා කිරීම තහනම් වන අතර මීට අදාල වෙබ් අඩවි ද block කිරීමට කටයුතු කරනු ඇති බව වාර්ථා වෙනවා.
කොහොම නමුත් තවමත් අදාල app stores වලින් මේ apps ඉන්දියාව වෙත block කරන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් සිදු කර නොමැති නමුත් ISP-level එකෙන්, එනම් අන්තර්ජාල සේවා සපයන්නන් හරහා මේවා block කිරීමට කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් දැනගැනීමට ලැබෙනවා.
මේ අතර coronavirus වසංගත කාලයේ ඉන්දියාවේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණු app එකක් වන Tik Tok සේවාව ඉන්දියානු තීරණයට හිස නවා ඔවුන් විසින්ම එම app එක ඉන්දියානුවන් හට ලබාගත නොහැකි වන ලෙස app store වලින් unlist කිරීමට කටයුතු කර තිබෙන අතර ඔවුන්ගේ අදහස නිළ TikTok India Twitter ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
මෙලෙස ඉන්දියාව තුල භාවිතා කිරීම තහනම් කර ඇති apps ලයිස්තුව පහතින් දැක්වේ.
- TikTok
- Shareit
- Kwai
- UC Browser
- Baidu map
- Shein
- Clash of Kings
- DU battery saver
- Helo
- Likee
- YouCam makeup
- Mi Community
- CM Browers
- Virus Cleaner
- APUS Browser
- ROMWE
- Club Factory
- Newsdog
- Beutry Plus
- UC News
- QQ Mail
- Xender
- QQ Music
- QQ Newsfeed
- Bigo Live
- SelfieCity
- Mail Master
- Parallel Space
- Mi Video Call – Xiaomi
- WeSync
- ES File Explorer
- Viva Video – QU Video Inc
- Meitu
- Vigo Video
- New Video Status
- DU Recorder
- Vault- Hide
- Cache Cleaner DU App studio
- DU Cleaner
- DU Browser
- Hago Play With New Friends
- Cam Scanner
- Clean Master – Cheetah Mobile
- Wonder Camera
- Photo Wonder
- QQ Player
- We Meet
- Sweet Selfie
- Baidu Translate
- Vmate
- QQ International
- QQ Security Center
- QQ Launcher
- U Video
- V fly Status Video
- Mobile Legends
- DU Privacy
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ CNET වෙබ් අඩවිය භාවිතා කළ හැකිය