අප මීට පෙර කිහිප වතාවක් ඔබව දැනුවත් කර ඇති පරිදි ජංගම දුරකථනයේ තිරය වේගයෙන් නව්‍යකරණය වෙමින් ඇති අතර අද වනවිට එය සමස්ත දුරකථන මුහුණතම ආවරණය කිරීමට සමත් වී තිබෙනවා.

ලොව ප්‍රථම වරට Display එකට ඇතුලතින් Selfie Camera එකක් අන්තර්ගත කිරීමට Oppo සමාගම සමත් වෙයි
පසුගිය වසර කිහිපය පුරාවට ජංගම දුරකථන නිෂ්පාදකයන්ගේ අවධානය යොමු වී තිබුණුප්‍රධානතම සාධකය වූයේ screen-to-body ratio එක[https://www.ubergizmo.com/what-is/display-to-body-ratio/] වැඩිම ජංගම දුරකථනයනිර්මාණය කිරීම කෙරෙහි බව ඔබ දකින්නට ඇති. කොහොම නමුත් මෙහිදී පැන නැගුණු විශාලතම ගැටළුව වූයේ screen-to-bo…

Selfie කැමරාව විසින් එයට බාධා කරමින් සිටියද Under Display Camera තාක්ෂණය කරලියට පැමිණීමත් සමඟ එම බාධාවටද ස්ථීර විසඳුමක් ලැබෙන්නට යන බව මේ වන විට වාර්ථා වෙනවා.

View post on imgur.com

චීනයේ Visionox සමාගම Under Display Camera එකට සහය දක්වන ආකාරයේ තිර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වන තාක්ෂණයන් ගණනාවක් අත්හදාබැලීමෙන් අනතුරුව, මේ වන විට මෙම තාක්ෂණය සහිත Display මහාපරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටින බව Ice Universe විසින් ප්‍රකාශ කර සිටිනවා.

මේ Under Display Camera පද්ධතිය යථාර්ථයක් නොවීමට මෙතෙක් බලපෑ කාරණය වූයේ Camera sensor එකට ලැබෙන ආලෝකය අඩුවීම නිසා ලබාගන්නා ඡායාරූප අඳුරු වීම වූ නමුත් Organic හා Organic නොවන Materials භාවිතා කරමින් වඩා transparent තිරයක් නිපදවන්නට Visionox සමාගම සමත් වී තිබෙනවා.

නමුත් සමාගම පවසන පරිදි තවමත් එමඟින් හොඳ ඡායාරූපක් ලබාගන්නට Software සහය අවශ්‍ය වන අතර නව Algorithm එකක් මඟින් Camera එකෙහි Brightness, Viewing Angle, Color Gamut ආදී දේවල් සම්බන්ධව ඇති වන ගැටළු වලට විසඳුම් ලබා ගත හැකි වෙනවා.

View post on imgur.com

මේ සඳහා Patent බලපත්‍ර ලබාගත් සිය ගණනක් වූ තාක්ෂණයන් භාවිතා කර ඇති  අතර මෙම තාක්ෂණය ඇතුලත් කල Demo උපාංග කිහිපයක් මෙම වසර අවසාන වන විට එළිදැක්වෙනු ඇති.

එමෙන්ම 2021 වර්ෂයේ පළමුවැනි කාර්තුවේදී ලාස් වේගාස් හිදී පැවැත්වීමට නියමිත CES ප්‍රදර්ශනයයේදී හෝ බාසිලෝනා හිදී පැවැත්වීමට නියමිත මීළඟ MWC ප්‍රදර්ශනයයේදී මෙම තාක්ෂණය ඇතුළත් සැබෑ උපාංග දැකගත හැකි වනු ඇති.

Visionox යනු චීනයේ පිහිටි තවත් එක් විශාල OLED තිර නිශ්පාදකයෙකු වන අතර Xiaomi වැනි වෙනත් චීන ජංගම දුරකථන නිෂ්පාදකයින් වෙත OLED තිර සපයන්නේ ද මෙම සමාගමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.