iCloud web සඳහා නව User-interface එකක් හඳුන්වා දෙයි

මේ වන විට Apple සමාගම විසින් ඔවුන්ගේ iCloud සඳහා වන web අඩවියට නව widget-inspired User Interface එකක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට beta විශේෂාංගයක් ලෙස පරික්ෂණ මට්ටමේ පැවති මෙම නව iCloud වෙබ් අඩවිය සඳහා වැඩි පරිශීලක ආකර්ෂණයක් දිනාගැනිමට සමත් විය.

iCloud
Sign in to iCloud to access your photos, videos, documents, notes, contacts, and more. Use your Apple ID or create a new account to start using Apple services.

මේ හරහා Apple ID එකක් තිබෙන ඕනැම පරිශීලකයෙකුට iCloud තුළ ගබඩා කර තිබෙන තම පුද්ගලික දත්ත (data) වෙත ඉතා පහසුවෙන්ම ලගා වීමටත් photos, documents, mails, notes සහ calendar ඇතුළු අනෙකුත් විශේෂාංග සහ Services සඳහා ඉක්මනින් navigate කිරීමට පහසුකම් සපයා තිබෙනවා.

ඒ වගේම මේ හරහා Find My, Contacts, iCloud Drive, Reminders, Pages, Numbers සහ Keynote ඇතුළු අනෙකුත් iCloud සේවාවන් සඳහා quick access පහසුකමද හඳුන්වා දී තිබෙන අතර ඔබගේ iCloud ගිණුම, Storage එක සහ iCloud+ subscription එක සම්බන්ධව විස්තර ද මෙමඟින් manage කරගැනිම පසුවෙන් සිඳු කළ හැකිය.

මීට අමතරව iCloud වෙබ් අඩවියේ homepage එක තුළ customize කල හැකි widgets option එකක් සහ ඔබ වඩාත් භාවිතා කරන සේවාව අනුව widgets rearrenge කිරිමේ options ලබාදෙමින් apple සමාගම විසින් ඔවුන්ගේ මෙම iCloud වෙබ් අඩවිය redesign කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Macworld වෙබ් අඩවිය සහ iCloud වෙබ් අඩවිය භාවිතා කළ හැක.