අලුතින් නිකුත් වන වගේ ජංගම දුරකථන වලට Google සේවා ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව අපි මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.

Huawei සමාගමේ මීළඟ ජංගම දුරකථන සමඟින් ජනප්‍රියම apps 70ක් pre-install කර එවීමට සූදානම් වෙයි
ඇමරිකාව විසින් Huawei සමාගමට පනවන ලද වෙළඳ තහනම නිසා Huawei සමාගමට Google සේවානොමැතිව සිය උපාංග වෙළඳපොලට ඉදිරිපත් කිරීමට සිදුව ඇති පසුබිම තුළ Huawei සමාගමටිකෙන් ටික ඊට අනුගත වීමට සුදානම් බවක් මේ වන විට පෙනෙන්නට තිබෙනවා. ඒ අනාගතයේ නිකුත් කිරීමට නියමිත Huawei ජංගම දුරකථන වලට ජනප්‍රිය Android App 70 …

එම දුරකතන වලට ගූගල් සේවා සෘජුව නොලැබුණත් වක්‍රාකාරයෙන් ගූගල් සේවා භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. එසේ වුවත් APK install කිරීම මගින් Google Apps භාවිතා කිරීම සිදු නොකරන ලෙස Google සමාගම නිළ නිවේදනයක් නිකුත් කරන්නට ද කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම අභියෝග වලට Huawei සමාගම සාර්ථකව මුහුණ දෙමින් සිටින අතර Huawei app gallery ඊට හොඳම නිදසුනක් වෙනවා.

ඔවුන්ගේ App store එක වන App Gallery සම්බන්ධයෙන් Huawei සමාගම සුවිශේෂී තීරණයක් ගෙන ඇති අතර ලොව වටා සිටින මෘදුකාංග සංවර්ධකයින් දිරි ගැන්වීමක් ලෙස ඔවුන් විසින් app gallery වෙත ඇතුලත් කරන මෘදුකාංග වෙනුවෙන් ලැබෙන ආදායම සියයට සියයක්ම අදාළ සංවර්ධකයින් වෙත ගෙවීමට Huawei සමාගම තීරණය කර තිබෙනවා .

මෙය වසර දෙකක ගිවිසුමක් වන අතර ලොව වටා සිටින මෘදුකාංග සංවර්ධකයින් හට මෙම වසරේ ජුනි මාසයට පෙර ලියා පදිංචි වී මෙම ව්‍යාපෘතිය සමඟ එකතු විය හැකියි.

මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් යුතු වන අතර පළමු අදියර මාස 12ක් ද, දෙවැනි අදියර ඊළඟ මාස 12 ද ලෙස කොටස්‍ දෙකකින් යුන්ත වනවා.

සාමාන්‍යයෙන් Google සහ Apple සමාගම් ඔවුන්ගේ App Stores වලට එකතු කරනු ලබන apps හරහා ලැබෙන ආදායමින් මෘදුකාංග සංවර්ධකයන් හට ලබා දෙන්නේ 70%ක කොටසක් පමණක් වන අතර 30%ක ප්‍රමාණයක් ඔවුන් ලබාගනු ලබනවා.

පළමු මාස දොලහක කාළසීමාව ඇතුලත Gaming නොවන අනෙකුත් සියළුම apps මගින් ලබන ආදායම 100% ම අදාල සංවර්ධකයින් ට ගෙවන අතර Game Apps සඳහා 85% ක මුදලක් සංවර්ධකයින් ට ගෙවනු ලබනවා.

දෙවෙනි මාස දොළහේ දී Education App වලන් ලබන ආදායමෙන් 10% පමණක් Huawei සමාගම ලබා ගනු ඇති අතර ඉතිරි 90% ම සංවර්ධකයින් ට ගෙවනු ලබනවා.

එමෙන්ම මෙම කාල පරිච්ඡේදය තුළ Game සහ Media and Entertainment App මගින් ලැබෙන ආදායමෙන් 15% පමණ Huawei සමාගම ලබා ගන්නා අතර ඉතිරි 85% ම අදාළ සංවර්ධකයින්ට ගෙවනු ලබනවා.

මෙම වසර දෙකෙන් පසුව තෙවන වසරේ සිට සම්මත ගෙවීම් ක්‍රම වේදය අනුව අදාළ ගෙවීම් කිරීමට නියමිතයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Huawei වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.