Benchmark Test පටලැවිල්ලට පසුව Huawei පාරිභෝගිකයන්ට වාසියක්

මෑතකදී Huawei අයට වුන ප්‍රශ්නයක් තමයි smartphones සදහා වන Benchmark Test එකකදී එක්තරා විදිහකට වංචාවක් කරලා අහු වුණු එක.

හරියටම කියනවනම් Huawei සමාගමෙන් Benchmark Test එකට දුන්න phones, කාර්යක්ශමතාව (performance) වැඩි වෙන විදිහට adjust කරලා තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ‌‌මේ phone වල performance වැඩිපුර ඉල්ලන apps හඳුනාගෙන ඒවාට පමණක් වැඩිපුර බලය ලබා ‌දෙන්න පුළුවන් විදිහේ algorithm එකක් මගින් Benchmark app එක හඳුනාගෙන එයට සාමාන්‍යය ප්‍රමාණය ඉක්මවා බලය ලබා ‌‌දෙන්නට කටයුතු කරනවා.

‍සාමාන්‍යයෙන් අපි overclock කරනවා යනුවෙන් හඳුන්වන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් තමයි මෙතනදී සිදු වෙන්නෙත්. එහෙම කරලා තියෙන්නේ ටෙස්ට් එකෙන් වැඩි ලකුණු අරගෙන අනිත් phones වලට වඩා Huawei phones හොඳ බව පෙන්වීමට වන අතර මෙය බලපාන්නේ Huawei P20, P20 Pro, Nova 3 සහ Honor Play කියන phones වලටයි.

Huawei users ලට තම තමන්ගේ phones වල "Performance Mode" එකට ඇතුල් වෙන්න ඉඩ ලබා දෙන බව පසුගිය සැප්තැම්බර් 7 වන දා Huawei සමාගම නිළ වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මේ Performance Mode එක කියලා කියන්නේ phone එකේ සාමන්‍ය තරමට වඩා speed එක performance වගේ දේවල් වැඩි කරන එක. හැබැයි මේකෙ අවාසියක් වෙන්නේ ඉක්මනින් බැටරි එක බහින එකයි.

මේක අහුවෙලා තියෙන්නේ 3DMark කියන සමාගම විසින් සිදු කරනු ලැබූ ටෙස්ට් එකකින් වන අතර මේ ටෙස්ට් එකේදි හොදට perform කරපු phone එක වෙන ටෙස්ට් එකකදි හරියට perform කරලා නැහැ. ඒ කියන්නේ මම අර කලින් කියපු algorithm එකට බැරි වෙලා තියනවා මේ දෙවනියට කියපු app එක අඳුරගන්න.

ඒත් ඉතින් මේ වෙනස සාමන්‍ය විදිහට phone එක පාවිච්චි කරන අයට නම් දැනෙන එකක් නැහැ. මොකද මේ performance mode එකෙන් වෙන්නේ games ගහන අයට හොද quality අත්දැකිමක් ලැබෙන එක විතරයි.

Huawei සමාගම මේ මොන මොන දේවල් කරත් තව ගොඩ කාලෙකට මේ වෙච්ච ලැජ්ජාවෙන් නම් ගැලවෙන්න ලැබෙන එකක් නැහැ.