BYD සමාගම යනු චීනයේ ප්‍රමුඛ පෙළේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන අතර ඔවුන් සමග එක්ව Harmony OS එක මගින් බලගැන්වෙන ලොව පළමු විදුලි මෝටර්රථය, එනම් BYD Han මාදිලිය නිකුත් කිරීමට Huawei සමාගම කටයුතු පසුගියදා කටයුතු කළා.

Harmony OS එක මත පදනම්ව නිර්මාණය කරන ලද HiCar System එක මඟින් මෙම නවතම විදුලි මෝටර් බල ගැන්වෙන අතර මෙය ඉදිරියේදී නිකුත් වීමට නියමිත මෝටර් රථ පෙළක පළමුවැන්නයි.

මෙම HiCar System එක මඟින් සිය මෝටර්රථය, සිය ජංගම දුරකතනයට හෝ හෝ Smart Watch එකට link කළ හැකි අතර එමඟින් ජංගම දුරකථනයේ ඇති apps, මෝටර්රථයේ තිරය හරහා භාවිත කිරීමට ඉඩ ලබා දෙනවා .

එමෙන් මේ app එක හරහා ම මෝටර්රථයේ current status එක පරික්ෂා කිරීම, මෝටර්රථයට ඇතුල්වීමට පෙරම එහි A/C on කිරීම, Window open හෝ close කිරීම ආදී තවත් බොහෝ නව පහසුකම් සඳහා ඉඩ ලබා දෙන අතර රථයේ සම්පූර්ණ පාලනය රථයේ හිමිකරු ට පමණක් ලබා දෙනවා.

Harmony OS හා HiCar System එක ඔස්සේ Huawei සමාගම ප්‍රථම වරට මෝටර් රථ සඳහාද 5G පහසුකම් ලබා දෙන අතර එය මේ වන විටත් Audi, BYD, GAC, සහ BAIC යන වෙළෙඳ නාමයන් හි 120 කට වැඩි මෝටර් රථ මාදිලි සඳහා මේ HiCar system එක හඳුන්වාදීමට Huawei සමාගම සූදානමින් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ ECNS වෙබ් අඩවිය භාවිතා කළ හැක.