HTC යනු ලොව පළමුවැනි commercial Android Phone එක නිෂ්පාදනය කළ සමාගම වන අතර කලකට පෙර ජංගම දුරකථන වෙළඳපොල තුළ ඉතා හොඳ නමක් හා ස්ථාවරත්වයක් හිමිකරගත් සමාගමක් බව කවුරුත් දන්නා කාරණාවක්.

කොහොම නමුත් විවිධ හේතු නිසා මෙම තත්ත්වය ඔවුන්ට අහිමි වී ඇති අතර මේ වන විට ජංගම දුරකතන වෙළඳපොල තුළ ප්‍රමුඛ නාමයන් අතර HTC නාමය කියවෙන්නේම නැති තරම්.

නමුත් නැවත දුරකථන දුරකථන වෙළඳපොළ තුළට පිවිසීමට HTC සමාගම කටයුතු කළ අතර ඔවුන් පසුගිය ජුනි 16 වනදා සිය නවතම midrange දුරකථන මාදිලි ද්විත්වය වන HTC U20 5G හා Desire 20 Pro ජංගම දුරකථන හඳුන්වාදීමට කටයුතු කළා.

HTC U20 5G සතුව අඟල් 6.9 ක FHD+ LCD තිරයක් හා 32MP, Punch hole Selfie Camera එකක් ඇතුලත් වනවා. එමෙන්ම 48MP, 8MP හා 2MP ලෙස Macro හා Depth ලෙස Quad Camera Setup එකක් මීට ඇතුලත් කර ඇති අතර Fingerprint Sensor එක දුරකථනයේ පිටුපසට ඇතුලත් කිරීමට HTC සමාගම තීරණය කර තිබෙනවා.

එමෙන්ම පසුගිය මැයි මාසයේ එළිදක්වනු ලැබූ Qualcomm සමාගමේ Snapdragon 765G Chipset එක මගින් බළගැන්වෙන මේ ජංගම දුරකථනයට 8GB RAM, 256GB ROM එකක් ද එක් කර ඇති අතර 5000mAh බැටරියක් හා 18W fash charging පහසුකම ද ඇතුලත් වෙනවා.

HTC Desire 20 Pro යනු මිලෙන් අඩු මාදිලිය වන අතර එහි 25MP Punch Hole Selfie කැමරාවක් ද, අඟල් 6.5 ක FHD+ LCD තිරයක් ඇතුලත් කර තිබෙනවා.

ප්‍රධාන කැමරා පද්ධතිය සම්පූර්ණයෙන්ම HTC U20 5G වෙත සමාන වන නමුත් මෙය බළගැන්වෙන්නේ Snapdragon 665 Chipset එක වන අතර 6GM RAM එකක් හා 128GB ROM එකක් ඇතුලත් කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

HTC U20 5G මෙන්ම Desire මාදිලිය සඳහා ද 5000mAh බැටරියක් හා 18W fast Charging පහසුකම ද ලබා දී තිබෙනවා.

මෙම දුරකථන ද්විත්වයම Android 10 මගින් බලගැන්වෙන අතර NFC සඳහාද සහය දක්වනවා. එමෙන්ම මේ HTC U20 5G මාදිලිය ඉන්දියානු රුපියල් 48,000ක මුදලකටත්, HTC Desire 20 Pro මාදිලිය ඉන්දියානු රුපියල් 24,000ක මුදලකටත් මිල නියම කර ඇති බව ද වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.