COVID-19 වසංගත තත්ත්වය නිසා අන් කවරදාටත් වඩා සමාජ දුරස්ථභාවය පිළිබඳව මිනිසුන් සැලකිලිමත් වන බැවින් එකිනෙකා අතර සන්නිවේදනය සම්පූර්ණයෙන්ම පාහේ තාක්ෂණික උපාංග මත පදනම් වී තිබෙනවා.

ඒ නිසා Facebook, WhatsApp මෙන්ම Google යන සමාගම් සිය වීඩියෝ ඇමතුම් තාක්ෂණයන් සඳහා නව අංග රැසක් හඳුන්වා දීම පසුගිය කාලයේ කටයුතු කළ අතර අප කීප වරක්ම ඒ පිළිබඳව ඔබව දැනුවත් කර තිබෙනවා.

මේ අනුව යමින් සුප්‍රකට Action Camera නිපදවන සමාගමක් වන GoPro සමාගමද නව ප්‍රවේශයක් ගෙන ඇති අතර, එනම් ඔබේ පරිගණකයේ ඇති දුර්වල WebCam එක වෙනුවට වීඩියෝ ඇමතුම් සඳහා Gopro කැමරාවක් භාවිතා කලහැකි නව Software එකක් හඳුන්වා දීමට කටයුතු කිරීමයි.

How to Use HERO8 Black as a Webcam
Here’s how we recommend you use GoPro as a webcam.

වර්තමානයේ මිලදී ගැනීමට ඇති බොහෝ මිල අධික පරිගණක උපාංගවල ඇත්තේ ද ඉතාමත් දුර්වල WebCam එකක් වන අතර ඒවා භාවිතා කරමින් video calls ලබාගැනීමේදී පැහැදිලි රූප රාමු සංසරණය කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කොහොම නමුත් මීට විසඳුමක් ලෙස GoPro සමාගම විසින් මෙම නව Software එක හඳුන්වා දෙන ලද බව දැනගන්නට ලැබෙන අතර මේ හරහා GoPro හි ප්‍රමුඛතම කැමරාව වන Hero 8 Black camera එක webcam එකක් ලෙස භාවිතා කිරීමටත්, වඩා හොඳ Wide Angle දර්ශන හා 1080p තරම් ඉහළ resolution එකකින් වීඩියෝ ඇමතුම් ලබා ගැනීමටත් හැකියාව ලබා දෙනවා.

මේ සඳහා Gopro Website එක ඔස්සේ Gopro Software එකේ නව beta version එක install කරගත යුතු වන අතර video ඇමතුම් සඳහා GoPro කැමරාව සඳහා allow කිරීම සිදුකල යුතු වෙනවා.

කොහොම වුණත් මෙම නව ‍feature එක දැනට ලබා දී ඇත්තේ Mac පරිගණක සඳහා වන GoPro Software එකේ නව beta version එකට පමණක් වන නමුත් ඉදිරියේදී එය අනෙකුත් platform භාවිතා කරන්නන් හරහා ලොව පුරා ව්‍යාප්ත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම GoPro සමාගම පවසන්නේ තවත් ජනප්‍රිය සන්නිවේදන සේවා වන Zoom, Microsoft Teams වැනි සේවා සඳහා ද මෙම Software එක සහාය දක්වනු ලබන බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.