විවිධ ව්‍යාපර ආයතන මඟින් ලබාදෙන දුරකථන ඇමතුම් නිසා ජංගම දුරකථන භාවිතා කරන්නන් බොහෝ පිඩා විදින අතර මෙම ගැටළුව මඟහරවා ගැනීම සඳහා Google සමාගම විසින් Verified Calls නමින් අලුත් පහසුකමක් මේ වන වි‍ට හඳුන්වා දී ති‍බෙනවා.

මේ verified calls පහසුකම හරහා යම්කිසි business එකක් ඔබට call කරන්නේ නම් එම business එකට අදාල logo එක සහ නම screen එකෙහි පෙන්වන අතර මීට අමතරව අදාල ඇමතුම ලැබෙන්නේ කුමන හේතුවක් මතද යන්නත් ඇමතුමට පිළිතුරු ලබාදීමට ප්‍රථමව පරිශීලකයාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

මෙලෙස Verified Calls feature එක ව්‍යාපාර ආයතනක් සඳහා ලබා ගැනීමට නම් ව්‍යාපාරයෙහි දුරකථන අංකය, ගනුදෙනුකරුගේ දුරකථන අංක සහ ඇමතුම ගැනීමට හේතුව වැනි තොරතුරු Google සමාගම වෙත ප්‍රථමයෙන් වාර්ථා කර සිටිය යුතු අතර, Google සමාගමේ business verification process එක හරහා ගොස් approve වූ ආයතන වලට පමණක් මෙම සේවාව හරහා ඇමතුම් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

Phone - Apps on Google Play
Improve your calling experience and call control by updating the Phone app for your Android 7.0 (Nougat) or newer device. You’ll get Call Screen, Google Duo video calling, spam protection, and caller ID. CALL SCREENAvoid unwanted calls - Screen spam, scams and other unwanted calls. Get real-time t…
Google Phone on Google Play Store

කෙසේ වෙතත්, මෙම feature එක ක්‍රියාත්මක වීමට නම් පරිශීලකයින් ඔවුන්ගේ දුරකථන අංකය ඔවුන්ගේ Google ගිණුම හා සම්බන්ධ කර තිබිය යුතු වන අතර, මේ ආකාරයෙන් ඇමතුමක් ලබාගෙන අවසන් වූ පසුව ඊට අදාල තොරතුරු Google servers වලින් මකා දැමීමට ද Google සමාගම කටයුතු කරනු ලබන බව වාර්ථා වෙනවා.

Verified Calls feature එක default ලෙස turned on ලෙස පවතිනු ඇති අතර පරිශීලකයින් හට අවශ්‍ය නම් මෙම feature එක disable කිරීමටත් අවස්ථාව ලබාදෙනු ඇති නමුත්, තවමත් එවැනි option එකක් ගැන තොරතුරුක් වාර්ථා වන්නේ නැහැ.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා නිළ Google Support වෙබ් අඩවිය, Pocket Now වෙබ් අඩවිය, Androud Central වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.