Machine learning සඳහා IoT වලට විශේෂිත වූ අළුත් chip එකක් Google විසින් හඳුන්වා දෙයි

මේ වෙනකොට machine learning තාක්ෂණික ලෝකයේ හැම දෙයකටම වගේ භාවිතා කරන දෙයක් බවට පත් වෙලා.

ජංගම දුරකථනයේ සිට ව්‍යාපාරික මට්ටමේ පද්ධති වලට වෙන තුරු පුළුල් පරාසයක් පුරා මෙහි එක් එක් ක්‍රියාකාරකම් පැතිරිලා ගිහින් තිබුණත්, තාමත් මේ machine learning වලට අවශ්‍යය processing power එක ලබාගැනීමට විශාල බලයක් සහිත server එකක සහාය අවශ්‍යය වෙනවා.

දැනට අවුරුදු දෙකකට පමණ පෙර මේ ආකාරයේ data center වල භාවිතා කළ හැකි ලෙස නිපදවූ TPU එහෙමත් නැතිනම් Tensor Processing Units එළිදක්වන්න Google සමාගම කටයුතු කළා ඔයාලට මතක ඇති.

කොහොම නමුත් මේ කෘතීම බුද්ධිය භාවිතා කරමින් කුඩා කාර්යයක් කරගැනීමට වුවත් මේ server එකක සහාය ලබාගැනීමට සිදුවීම නිසා, realtime එහෙමත් නැතිනම් mission critical පද්ධති වලට AI භාවිතා කිරීම තරමක් අසීරු කටයුත්තක් බව අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.

ඉතින් මේ ප්‍රශ්ණයට පිළිතුරක් සපයන්න ඔන්න දැන් Google සමාගම ඔවුන්ගේ අළුත්ම chip එක එළිදක්වන්න කටයුතු කරලා තියනවා. Edge TPU යන නමින් හඳුන්වන මේ chip එක හරහා විශේෂයෙන්ම IoT devices වල සිටම අදාල processing කටයුතු කරගැනීමට අවස්ථාව ලැබෙනවා.

දත්ත විශාල ප්‍රමාණයක් භාවිතා කරමින් යම් කාර්යයක් ඉටු කරගැනීම වෙනුවෙන් algorithm එකක් නිර්මාණය කිරීම/දියුණු කිරීම මෙන්ම එලෙස නිර්මාණය කළ algorithm එක භාවිතා කරමින් අදාල කාර්යය කරගැනීම වශයෙන් AI වලදී සිදුවන කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

මෙහිදී සිදුවන්නේ ඇත්තටම සිදු වන්නේ server පද්ධතියකින් deep learning හරහා නිර්මාණය කරන ලද algorithm එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් කුඩා කාර්යයන් තනිව කරගැනීමට අවශ්‍යය බලය ලබා දීමයි. සාමාන්‍යය පරිදි machine learning process එක server වලම සිදු වෙන අතර එයින් ලැබෙන ප්‍රතිඵලය භාවිතා කිරීමට පමණක් මෙම chip එක සෑහෙනවා.

උදාහරණයක් වශයෙන් picture එකක ඇති යම්කිසි වස්තුවක් හඳුනාගැනීම පෙන්වා දෙන්න පුළුවන්. Server side එකෙහි ඇති TPU විසින් train කිරීමේ කොටස කරන අතර වස්තුව හඳනාගැනීමේ කාර්යය මේ අළුත් Edge TPU විසින් සිදු කරනු ලබයි.

කොහොම වුණත් මේ අළුත් chip එක ජංගම දුරකථන සඳහා නිෂ්පාදනය කරන ලද්දක් නම් නෙවෙයි. මේක විශේෂයෙන්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ ව්‍යාපාර කටයුතු වලදී භාවිතා කිරීම වෙනුවෙන්. උදාහරණයක් වශයෙන් යම්කිසි කර්මාන්තශාලාවක නිෂ්පාදනයන් වල තත්ත්ව පරීක්ෂාව ස්ව්‍යංක්‍රීය කිරීමට මෙවැනි chips බාවිතා කළ හැකි වෙනවා.

කොහොම වුණත් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ විදිහේ chips නිෂ්පාදනය කරන එකම ආයතනය Google සමාගම විතරක්ම නෙවෙයි. ARM, Qualcomm, Mediatek වගේ ගොඩක් සමාගම් වල වගේම Nvidia වගේ ඉතාමත් ප්‍රසිද්ධ ආයතන වලිනුත් මේ වගේ training alogorithm සැකසීම වෙන්වෙන් hardware නිෂ්පාදනය කරනවා.

නමුත් මේ කිසිම ආයතනයකට Google සමාගමට වගේ AI වල මුල සිට අග දක්වාම දිවෙන පරාසයක තම අණසක පතුරවාගන්න නොහැකි වෙලා තියනවා. Google Cloud එක හරහා තම දත්ත ගබඩා කරන්නත්, එම දත්ත හා TPU භාවිතා කරමින් අදාල algorithm train කරන්නත් වගේම දැන් එම algorithm සහ Edge TPU භාවිතා කරමින් අදාල කටයුතු client side එකේදීම කරගැනීමටත් මේ Google සමාගමේ AI Stack එක හරහා ඕනෑම කෙනෙකුට අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව මේ හා සම්බන්ධ මෘදුකාංග නිර්මාණය කරගැනීමට අවශ්‍යය නම් ඒ වෙනුවෙන් Google විසින් TensorFlow framework එකත් ඉදිරිපත් කර තිබෙනවා.

මේ Edge TPU එකක් කියන්නේ නිකන්ම chip එකක් පමණක්ම නොවන අතර භාවිතා කිරීමේ පහසුව වෙනුවෙන් මෙය NXP CPU එකක්, Microchip secure element එකක් සහ WiFi පහසුකම ඇතුලත් වන system on module (SOM) එකක් ලෙස අලෙවි කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා. ඒ වගේම USB හරහා හෝ PCI Express slot එකක් හරහා සම්බන්ධ කරගැනීමේ අවස්ථාවත් Google සමාගම විසින් මෙයට ඇතුලත් කර තිබෙනවා.