මාස කිහිපයකට පෙර Google සමාගම විසින් “Continuous Translation” නම් වූ පහසුකමක් ඔවුන්ගේ Google Translate සේවාව සමඟ අන්තර්ගත කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කර සිටි අතර මේ වන විට ඔවුන් එය මහජනයාට නිකුත් කිරීමට සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.

මේ අලුත් පහසුකම “Transcribe” යන නමින් හැඳින්වෙන අතර මේ හරහා කතා කරනු ලබන වචන එම කතාව සිදු වන අවස්ථාවේදීම (near real-time) වෙනත් භාශාවකට පරිවර්ථනය කිරීමේ හැකියාව ලැබෙනවා.

View post on imgur.com

ඔබ කථා කරන යමක් වෙනත් භාශාවකට හරවාගැනීම හෝ, වෙනත් අයෙකු ඔබට කතාකරන විට එය ඔබට තේ‍රුම්ගත හැකි භාශාවකට හරවාගැනීම සඳහා මෙය භාවිතා කළ හැකි අතර මීට පෙර ලබා දී තිබුණු Transcription පහසුකම භාවිතා කරන විටදී මෙන්, translate කිරීම සඳහා කතාව අවසන් වන තුරු සිටිය යුතු වන්නේ නැහැ.

දැනට Google Pixel devices වල පවතින Live Transcribe පහසුකම offline සිදු වන නමුත්, මේ අලුත් පහසුකම ක්‍රියාත්මක වීම සඳහා internet සම්බන්ධතාවයක් අවශ්‍යය වන අතර මෙහි සියළුම processing කටයුතු Google සමාගමේ Tensor Processing Units (TPUs) හරහා සිදු වන බවත් ඔවුන් පෙන්වා දෙනු ලබනවා.

මේ පහසුකම ඉදිරි දින කිහිපය ඇතුලත Android මත Google Translate app එක භාවිතා කරනු ලබන්නන් හට ලබාදීමට Google සමාගම තීරණය කර තිබෙන අතර මේ වන විට ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, පෘතුගීසි, රුසියානු, ස්පාඤ්ඤ, තායි සහ හින්දි යන භාශා වලට සහාය දක්වනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, XDA-Developers වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.