ඉන්දියාවේ දැවැන්තම ටෙලිකොම් සමාගමක් ලෙස සැලකෙන Reliance Jio සමාගම මේ වන විට e-commerce, cloud computing සහ වෙනත් ව්‍යාපාර සඳහා ද පිවිස ඇති බව දැකගත හැකි වෙනවා.

Reliance Jio යනු ඉන්දියාවේ විශාලතම mobile carrier වන අතර Jio එහි ලාභදායී data rates සහ විවිධ ජනප්‍රිය යෙදුම් සහ සේවාවන් සඳහා සහය ඇතිව KaiOS ධාවනය කරන තමන්ගේම JioPhones සඳහා ද ප්‍රසිද්ධියක් උසුලනවා.

Google සමාගම විසින් මෙම Reliance Jio සමාගමේ කොටස් සඳහා ඩොළර් බිලියන $4.5ක පමණ ආයෝජනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට අනාවරණය කර ඇති අතර ඒ අනුව Jio Platforms Ltd ආයතනයේ 7.73% ක කොටස් ප්‍රමාණයක් Google සමාගමට හිමිව තිබෙනවා.

Google සමාගම විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද “Google For India Digitization Fund” එකෙන් කරන ලද පළමු ආයෝජනය ලෙස මෙය සනිටුහන් වන අතර එය ඉදිරි වසර පහේ සිට හත දක්වා කාලය තුළ ඩොලර් බිලියන $10 ක අරමුදල් සපයමින් ඉන්දියාවේ ඩිජිටල් ආර්ථිකය වේගවත් කිරීම මෙහි අරමුණ වෙනවා.

Investing in India’s digital future
Google CEO Sundar Pichai announces a $10 billion Google for India Digitization Fund to accelerate India’s digital economy.

මෙම ආයෝජනයට සමගාමීව සමාගම් දෙක ඉන්දියානු වෙළඳපොළ සඳහා entry-level smartphone එකක් සංවර්ධනය කිරීම සඳහා වාණිජ ගිවිසුමක්ද ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්ථා වන අතර මෙම partnership එකත් සමඟ Google සමාගම ඉන්දියානු වෙළඳපොළ සඳහා entry-level smartphone එකක් සංවර්ධනය කරනු ලබන බව ඔවුන්ගේ නිළ Blog අඩවියෙහි blog post එකක් හරහා නිවේදනය කර තිබෙනවා.

මෙම device එක optimized Android Operating System එකක් සහ Play Store සේවාව සමඟින් ද සමන්විත වනු ඇති බව Jio සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

Bringing internet access to millions more Indians with Jio
We signed an agreement to invest $4.5 billion in Jio Platforms Ltd—the first investment from the Google For India Digitization Fund.

බැලු බැල්මට මෙම වැඩසටහන Android Go වැඩසටහන හා සමාන බව පෙනෙන අතර ඉහත blog post එකට අනුව නුදුරු අනාගතයේ දී Jio ආයතනය විසින් entry-level 5G smartphone සඳහා ද එම උපාය මාර්ගයම යොදා ගැනීමට කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක