Google Play Store යනු මිලියන ගණනක් වන Android Mobile Apps වලට ඇති ප්‍රධානතම නිවහන වන අතර අති විශාල පරිශීලකයන් පිරිසක් දෛනිකව Play store වෙත ප්‍රවේශ වනු ලබනවා.

එමෙන්ම Google Play Store වෙත නව පහසුකම් නිරන්තරයෙන් එක් කරන්නට Google සමාගම කටයුතු කරන අතර මෑතකදී අදාල app වල download count එක මෙන්ම app එකේ size එක වැනි ප්‍රයෝජනවත් තොරතුරු එකතු කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

මේ වන විට Google සමාගම සූදානම් වන්නේ Play Store හරහා යම්කිසි Game එකක් search කල විට එම Game එකෙහි (දැනට‍ ඇතුලත් වන නිෂ්පාදකයා විසින් නිර්මාණය කළ පරිශීලකයින් පොළඹවන සුළු intro video එකට අමතරව) gameplay වීඩියෝවක් ද නැරඹිය හැකි අලුත් පහසුකමක් Play Store වෙත එකතු කිරීමටයි.

Android Police වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට අදාල gameplay videos, YouTube සේවාව හරහා ලබාගනු ලැබෙන අතර මෙහි වාසිය නම් පරිශීලකයන්ට තමන් Search කල Game එක කුමන ආකාරයේ එකක්දැයි Game එක download කරන්නට පොරොතුව නැරඹිය හැකි වෙනවා.

අදාළ videos "Watch others play" යන අලුත් Section එක යටතේ එක් කර තිබෙන නමුත් මෙම video, Play Store මතම Play වන්නේ ද, නැතිනම් YouTube app එකට සම්බන්ධ වී ඒ හරහා Play වනවාද යන්න ගැන තොරතුරු වාර්ථා වන්නේ නැහැ.

Google විසින් දැනටමත් තෝරාගත් පරිශීලකයන් ගණනාවක් යොදාගෙන මෙම නව පහසුකම අත් හදා බලමින් සිටින අතර නුදුරේදීම එය ලොව පුරා පරිශීලකයන් හට ලබාදෙනු ඇති බව වාර්ථා වෙනවා.

YouTube app එක තුළ Google Search results පෙන්වීමේ පහසුකමක් අත්හදාබැලීමට Google සමාගම කටයුතු කරයි
YouTube Android App එක තුල යම් දෙයක් search කල විට එ‍යට අදාල YouTube Videos සමගGoogle Search results ද පෙන්වන පහසුකමක් ගැන මේ වන විට වාර්ථා වෙනවා. පහත දැක්වෙන screenshot එකෙහි දැකිය හැකි පරිදි search results වල සුපුරුදු පරිදිවීඩියෝ කිහිපයක් ඇති අතර එයින් පසුව Google Search result එකක් ද ඇතුළත් නව…

Google සමාගම විසින් සිය App එකිනෙක Link කිරීම අලුත් දෙයක් නොවන අතර YouTube app එක හරහා යමක් search කල විට YouTube app එක තුළ ම ඊට අදාල Google Search results ද පෙන්වන පහසුකමක් අත්හදා බලමින් පවතින බවට වූ තොරතුරක් පිළිබඳව අපි මීට පෙර ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.