Google Photos හරහා ලබාදෙන free unlimited storage පහසුකම ලබන වසරේදී නවත්වාදැමීමට Google සමාගම තීරණය කරයි
ලොව පුරා පරිශිලකයින්ගේ ට්‍රිලියන 4 ක් පමණ වන සුවිසල් ඡායාරූප එකතුවක් ගබඩා කරගෙන සිටින ලොව අතිශය ජනප්‍රිය photos සේවාව වන Google Photos පිළිබඳව ඔබ දැනටමත් ඉතා හොඳින් දන්නවා ඇතැයි අප සිතනවා.
ඔබ Google account එකක් create කරන විටම ඔබට Google වෙතින් 15GB ක storage එකක් නොමිලේ ඔබට ලැබෙන අතර Google Photos සේවාවද ඒ සමඟ ඔබට ලැබෙනවා.
මේ දක්වා සෑම Google Photos පරිශීලකයෙකු හටම තමන්ගේ ඡායාරූප storage සීමාවකින් තොරව High Quality ලෙස upload කිරීමේ හැකියාව ලබාදී තිබුණු අතර, මේවා Original Quality, එනම් compress කිරීමකින් තොරව camera එකෙන් ලබාගත් ආකාරයටම upload කරන්නේ නම්, එය පෙර සඳහන් කළ 15GB සීමාවට යටත් වෙනු ලැබුණා.
එමෙන්ම Pixel ජංගම දුරකථන පරිශීලකයන් සඳහා ඔවුන්ගේ Photos, Original Quality එකෙන්ම, එනම් High Quality resolution එකකට compress නොවී unlimited, එනම් කිසිදු සීමාවකින් තොරව, Google Photos වෙත ඡායාරූප upload කිරීමට හැකියාව ලබා දී තිබුණා.
View post on imgur.com
කොහොම නමුත් Google සමාගම විසින් මේ වන විට මෙය වෙනස් කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව 2021 ජුනි මස 1 වන දා සිට Pixel ජංගම දුරකථන භාවිතා නොකරන අනෙකුත් සියලුම පරිශීලකයින් සඳහා ලබාදී තිබු unlimited සේවාව ඉවත් කරනු ඇති අතර ඔවුන්ට 15GB storage එක ඉක්මවූ පසුව අමතර storage එකක් මිලදී ගැනීමට සිදු වෙනවා .
ඒ වගේම Pixel පරිශීලකයන් විසින් upload කරන ඡායාරූපවල quality එකද, Original මට්ටමේ සිට High Quality මට්ටම දක්වා අඩු කරන ඇති නමුත්, ඔවුන් සඳහා ලබාදී තිබෙන unlimited storage පහසුකම තවදුරටත් ලබාදීමට තීරණය කර තිබෙනවා.
Starting June 1, 2021, new photos and videos uploaded in High quality will begin counting towards your 15GB of Google Account storage.
— Google Photos (@googlephotos) November 11, 2020
Learn more here: https://t.co/SuS34HFjAu
මේ නිසා ඔබේ Google Photos Library එක තුළ තිබිය යුත්තේ කුමන ආකාරයේ ඡායාරූප ද යන්න පිළිබඳව ඔබට දැන් යම් අදහසක් ඇති වී තිබෙන බව අප සිතන අතර, එනම් එයින් අදහස් කරන්නේ, ඔබ විසින් upload කර ඇති අඳුරු හෝ නොපැහැදිලි ඡායාරූප හෝ විශාල වීඩියෝ හෝ ඔබට අනවශ්‍ය යැයි හැඟෙන සියලුම දේ Google Photos වෙතින් ඉවත් කිරීම ඔබට ඉදිරියේදී සිදු වනු ඇති බවයි.
View post on imgur.com
මේ සඳහා ඔබට උදව් වන ආකාරයේ පහසුකමක් ද ඉදිරියේ දී Google Photos වෙත එකතු වනු ඇති බව Google සමාගම පෙන්වා දෙන අතර ඒ ඔස්සේ ඔබට ඔබේ Google Photos library එක හොඳින් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.
එමෙන්ම 15GB ඉක්මවා ගිය පසු ඔබට සාමාන්‍ය පරිදි අමතරව Storage එකක් මිලදී ගැනීමට හැකියාව ලැබෙන අතර, 100GB ක අමතර Storage එකක් සඳහා ආසන්න වශයෙන් $1.99 ක් පමණ ගෙවීමට සිදුවෙනවා.
ඔබට නැවත මතක් කරන පරිදි, මෙම වෙනස්කම වලංගු වන්නේ 2021 ජුනි මස 1 වනදා සිට වන අතර, ඊට පෙර කාලයේදී ඔබ විසින් Google Photos වෙත upload කරන දේවල් සඳහා මෙම තීරණය බලපාන්නේ නැහැ.
All your existing photos and videos backed up in High quality and any new content you back up in High quality before June 1, 2021 are exempt from this change and will not count toward your Google Account storage. pic.twitter.com/lRaY4mQNFN
— Google Photos (@googlephotos) November 11, 2020
ඒ වගේම මේ සම්බන්ධයෙන් වන දැනුම්දීමක් සහිත Gmail එකක් මේ වන විටත්, Google සමාගම විසින් ඔබ වෙත එවා ඇති අතර වැඩි විස්තර සඳහා එම පණිවුඩය ද පරිශීලනය කරන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.