Google Photos වල store කර ඇති ඡායාරූප සියල්ලම, ඒවා ලබාගත් ස්ථානය අනුව map එකක් ඔස්සේ පෙන්වීමේ පහසුකමක් එකතු කරන ලෙස පරිශීලකයින් විසින් කෙතෙක් ඉල්ලා සිටියද, එයට මේ දක්වා පිළිතුරක් ලබාදීමට Google සමාගම කටයුතු කර තිබුණේ නැහැ.

මේ හේතුව නිසාම third-party developer වරුන් විසින් Photo Map for Google Photos වැනි third party apps හඳුන්වාදීමට කටයුතු කළ නමුත් ඒවා සාර්ථක නොවූ අතර, මේ වන විට මේ පහසුකම ප්‍රධාන Google Photos app එකතු කිරීම කෙරෙහි Google සමාගමේ අවධානය යොමු වී තිබෙන බව වාර්ථා වෙනවා.

Google Photos - Apps on Google Play
Google Photos is the home for all your photos and videos, automatically organized and easy to share. - “The best photo product on Earth” – The Verge - “Google Photos is your new essential picture app” – Wired The official Google Photos app is made for the way you take photos today and includes …
Google Photos on Google Play Store

පසුගිය ජුනි 11 වැනි දින Google Play Store එක හරහා Google Photos app එකේ 4.52 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කළ අතර, ඇතැම් පරිශීලකයින් සඳහා "Explore Map" නම් වූ මේ අලුත් පහසුකම ලැබී ඇති බව වාර්ථා වෙනවා.

Google Photos හි search tab එකේ Place යන section එක යටතේ මෙම Explore Map option එක අන්තර්ගත කර ඇති අතර ඔබ පළමුවරට මෙම option එක වෙත පිවිසෙන විට ඒ සම්බන්ධයෙන් වන digital introduction එකක්ද පෙන්වීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

Google සමාගම විසින් මෙම පහසුකම ලබාදීම සඳහා ඔබේ දුරකථනයේ Camera GPS හා Google location history මෙන්ම අදාල ඡායාරූපයේ අන්තර්ගත වන හඳුනාගත් Landmark වල තොරතුරු ද භාවිතා කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Map එක එ‍හා මෙහා කිරීම හරහා ඔබ විසින් ඡායාරූප ලබාගත් වෙනත් location ද map එක මත දැකගත හැකි වන අතර තෝරාගත් ඡායාරූප මත tap කිරීමෙන් ඔබට එම සම්පුර්ණ ගොනුවම අදාළ Location එක සහිතව දැකිය හැකියි.

මීට අමතරව ඔබ යම්කිසි photo එකක් open කරන්නේ නම්, එහි විස්තර පෙන්වන කොටසෙහි ද එම photo එක ලබාගත් ස්ථානය map එකක් තුළ ලකුණු කර පෙන්වන නමුත් මේ සඳහා Photo එක save කරන විට location data සමඟ save කිරීමද අත්‍යවශ්‍ය වනවා.

මෙම නවතම පහසුකම මේ වන විටත් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන නමුත් තවමත් සාමාන්‍යය පරිශීලක භාවිතයට තවම නිකුත් කර නැති අතර, එය ඉක්මනින්ම සියලුම දෙනා හට ඉක්මණින් ම ලබා දීමට Google සමාගම කටයුතු කරනු ඇති බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.