Google Photos යනු images සහ gallery එක manage කිරීමට හැකි හොඳ සේවාවක් වන අතර ඔබගේ විවිධ devices වල ඇති සියලු images ඔ‍බේ Google account මාර්ගයෙන් ඕනෑම device එකකින් බැලීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

Google Photos - All your photos organized and easy to find
Google Photos is the home for all your photos and videos, automatically organized and easy to share.

ප්‍රසිද්ධ reverse engineer කෙනෙකු වන Jane Manchun Wong විසින් Google Photos සේවාව සඳහා ලබාදීමට සූදානම් වන නව feature එකක් හඳුනා ගැනීමට සමත් වී ඇති අතර ඇය පවසන පරිදි Google Photos මඟින් සෘජුවම Google account එකෙහි profile picture එක set කිරීමේ හැකියාව ලබාදීමට Google සමාගම සූදානම් වෙනවා.

මෙම feature එක ලබාදෙන දිනයක් තවමත් වාර්ථා වී නොමැති අතර Jane ගේ Tweet එකෙහි පෙනෙන පරිදී Google Photos app එකෙහි ඔබේ නම search කරන විට “Set Profile Picture” යනුවෙන් button එකක් දිස් වන නමුත් මෙය තවමත් සාමන්‍ය පරිශීලකයින් හට පෙන්වන්නේ නැහැ.

Google Photos - Apps on Google Play
Google Photos is the home for all your photos and videos, automatically organized and easy to share. - “The best photo product on Earth” – The Verge - “Google Photos is your new essential picture app” – Wired The official Google Photos app is made for the way you take photos today and includes …

කෙසේ වෙතත් මේ වන විට පවතින ආකාරයටද ඔ‍බේ Google account එකේ profile picture එක වෙනස් කිරීම එතරම් අපහසු දෙයක් නොවන අතර ඕනෑම Google සේවාවක් වෙත ගිය විට පෙන්වන account dropdown menu එක හරහා තමන්ට හැමති image එකක් profile photo එක ලෙස යොදාගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ පිළිබද වැඩි විස්තර දැන ගැනිම සඳහා 9to5google වෙබ් අඩවිය සහ XDA - Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.