Google Pixel 3 series එකෙහි පවතින විවිධ අඩුපාඩු හා ගැටළු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ලබන බව නීති සමාගමක් වන Chimicles Schwartz Kriner & Donaldson-Smith LLP (CSK&D) විසින් මේ වනවිට තහවුරු කර ඇත.

Google සමාගම සිය mobile device එකක් හේතුවෙන් උසාවියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙරද Google සමාගමට සහ Huawei සමාගමට Nexus 6P ජංගම දුරකථනයෙහි bootloops සම්බන්ධව ඇති වූ ගැටළුවක් හේතුවෙන් ගොනු වූ නඩුවක් නිසාවෙන් අදාල devices සඳහා ‍ඩොලර් 500ක පමණ මුදලක් දක්වා නැවත ගෙවීමට ද සිදු වුණා.

CSK&D නීති ආයතනය විසින් සඳහන් කරනු ලබන්නේ Pixel 3 ජංගම දුරකථනයෙහි RAM management, Camera app එක, Battery drain වීම සහ ඇතැම් අවස්ථා වලදී ස්ව්‍යංක්‍රීවය shut down විම වැනි ගැටළු කිහිපයක් පවතින අතර මේ පිළිබදව තහවුරු කරගැනීම සඳහා ඔවුන් හට Pixel 3 පරිශීලකයින්ගෙන් තොරතුරු අවශ්‍ය බවයි.

Pixel 3 පරිශීලකයන් හට ඉහත සඳහන් කල ආකාරයේ ගැටළු වලට මුහුණ දී ඇත්දැයි සහ warranty repair කිරීමක් හෝ replacement කිරීමක් සිදු කර ඇත්දැයි පැවසිමට මෙම form එක භාවිතා කිරීමේ හැකියාව ලබා දී ඇති අතර පරිශීලකයන් හට ඔවුන්ගේ Pixel 3 ජංගම දුරකථනය සතුව ඇති වෙනත් ඕනෑම ගැටළුවක් ද මෙහි සඳහන් කළ හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය, CSK&D Investigation Form එක සහ Reddit භාවිතා කළ හැක