බිලියන ගණනක පරිශීලකයින් පිරිසක් වටා ගොඩනැඟී ඇති Google Map navigation app එකට බොහෝ අලුත් පහසුකම් එකතු කිරීමට ගූගල් සමාගම මේ වන විට කටයුතු කරමින් සිටින අතර එලෙස එකතු වන පහසුකම රැසක් පිළිබඳව මීට පෙර අපි ඔබව දැනුවත් කළා ඔබට මතක ඇති .

Google Maps වලට Traffic Slowdowns එකතු කිරීමේ පහසුකම පරිශීලකයන් හට ලබා දෙයි
Google සමාගම විසින් Google Maps සේවාවේ Traffic reports පෙන්වීමට බොහෝ කාලයක සිටකටයුතු කලත්, මේ වන තුරු එහි පරිශීලකයන් හට මාර්ග තදබදයක් හෝ බිඳවැටීමක් පිළිබඳවreport කිරීමට අවස්ථාවක් ලබා දී තිබුණේ නැති බව ඔබ දන්නවා ඇති. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නොවුනත්, වෙනත් රට වල ඉතාමත් ජනප්‍රිය සේවාවක් වන Waze කියනa…

මේ අතර නවතම තොරතුරු වලින් වාර්තා වන්නේ Google Map සේවාව වෙත මහා මාර්ගයේ ඇති Traffic lights පෙන්වනු ලබන නව පහසුකමක් එක් කිරීමට සූදානම් වන බවයි.

Droidlife වෙබ් අඩවිය විසින් පළ කරන ලද ලිපියක අන්තර්ගත වන Screenshot කිහිපයක මේ පහසුකම පිළිබඳව සඳහන් කර තිබෙන නමුත් තවමත් Google සමාගම මේ පිළිබඳ නිල නිවේදනයක් හෝ පැහැදිලි කිරීමක් සිදු කිරීමට කටයුතු කර නැහැ.

යම් හෙයකින් Google සමාගම විසින් මෙම නව පහසුකම Google Map සේවාව වෙත එකතු කළහොත් Traffic lights නොමැති හෝ අඩු මාර්ගයක ගමන් කිරීමට බොහෝ දෙනා කැමැත්ත පළ කිරීම හේතුවෙන් මෙය පරිශීලකයින් හට වඩාත් පහසුවක් ඇති කරනු නොඅනුමාන ය.

කෙසේ වෙතත් Traffic Lights වල current status එක, එහෙමත් නැතිනම් එම අවස්ථාවේ දැල්වී ඇති පහන් පිළිබඳව තොරතුරු මෙහි අන්තර්ගත නොවනු ඇති අතර මාර්ගයේ ඉදිරියේ ඇති ස්ථානයක, Traffic light ඔස්සේ රථ වාහන හැසිරවීමට සිදු වන බව පමණක් පෙන්වනු ඇති බව 9to5google වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

iOS 13 සංස්කරණය ඔස්සේ Apple Map සේවාව වෙත මෙම පහසුකම මේ වන විටත් එක්වී තිබෙන නිසා Google සමාගම විසින් මෙම පහසුකම සිය Navigation app එක වෙත එකතු කළහොත් එය Android පරිශීලකයන් හට ඉතාමත් ප්‍රයෝජනවත් අංගයක් වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, AndroidCentral වෙබ් අඩවිය සහ TheNextWeb වෙබ් අඩවිය භාවිතා කළ හැක.