Chrome භාවිතා කරන Android පරිශීලකයින් හට, Google Chrome Browser එකට bottom bar එකක් ඇතුලත් කිරීමට Google සමාගම කිහිප වතාවක්ම උත්සාහ කරනු ලැබුවත් එය එතරම් සාර්ථක වූ බවක් දැකගත හැකි වූයේ නැහැ.

2018 වර්ෂයයේදී මුලින්ම Duplex යන නමින් හැඳින්වූ bottom bar එකක් හඳුන්වාදීමට උත්සාහ කළ අතර පසුව Google සමාගමේ Google Duplex AI ව්‍යාපෘතිය මෙය සමඟ සම්බන්ධ වීම වළක්වා ගැනීම සඳහා එය “Duet” ලෙස නම් කරන ලදි.

කොහොහ නමුත් පසුව එම පහසුකමේ වෙනස්කම් කිහිපයක්ම සිදුකල අතර අවසානයේ එය අතහැර දැමීමට Google සමාගම කටයුතු කරන ලද නමුත් දැන් වෙනස් ආකාරයේ bottom bar එකක් ලබාදීම වෙනුවෙන් Google සමාගම සූදානම් වන බව වාර්ථා වෙනවා.

Chrome android පරිශීලකයන් හට නව Chrome flag එකක් මගින් browser එකෙහි පහළින් tab bar එකක් එක් කරගැනීමේ හැකියාව ඇති අතර මෙම flag එක Chrome 84 සංස්කරණයේ beta channel එකෙහි දැකගැනීමට හැකියාව තිබෙනවා.

මේ නව bottom bar එක මගින් ඔබ දැනට විවෘත කරගෙන ඇති tabs අතර ඉතා පහසුවෙන් මාරුවීමට අවස්ථාව සලසයි.

View post on imgur.com

මීට පෙර අවස්ථාවකදී Chrome desktop පරිශීලකයින් හට හඳුන්වාදීමට කටයුතු කළ Tab Groups පහසුකමට මෙය බෙහෙවින්ම සමාන වෙනවා.

Chrome Web Browser එකේ tabs කළමනාකරණය කිරීම සඳහා අලුත් පහසුකමක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
Chrome Browser එක තුල ඇති සියලු tabs වඩා හොඳින් කළමනාකරණය කරගැනීම සඳහා අලුත්පහසුකමක් Google සමාගම විසින් හඳුන්වාදීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථාවෙනවා. Tab Groups නමින් හැඳින්වෙන මේ පහසුකම හරහා tabs විශේෂ පාට වලට වෙන් කිරීම සහ නම්කිරීම සිදු කල හැකි අතර ඉදිරි සතිය තුල දී Chrome Stable Versio…

Tab bar එක සක්‍රීය කර ඇති විට ඉහළ තීරුවේ පෙන්වන tab ගණන සමඟ tab button එකක් තවමත් දැකගතගැනීමට හැකි වන නමුත් මේ අලුත් අංගයත් සමඟින් එය දැන් අනවශ්‍ය අංගයක් ලෙස හඳුන්වාදිය හැකි වෙනවා.

මෙය Chrome 84 beta සංස්කරණයෙහි chrome://flags/#enable-conditional-strip යන flag එක මගින් මෙම පහසුකම සක්‍රීය කරගැනීමේ හැකියාව ඇති නමුත් තවමත් එය සෑම කෙනෙකුටම ක්‍රියා නොකරන බව පෙනේ.

Chrome Beta - Apps on Google Play
Welcome to Chrome Beta for Android! • Preview the latest features: Try out the newest features. (Sometimes these may be a little rough around the edges.)• Give early feedback: Let us know what you think and help make Chrome for Android a better browser. You can install Chrome Beta alongside your …

කොහොම නමුත් XDA-Developers වෙබ් අඩවියේ tipster කෙනෙකු වන Some_Random_username විසින් සඳහන් කරන්නේ මෙම feature එක Chrome Canary 85.0.4174.0 සංස්කරණයේදී flag එකක් නොමැතිව සක්‍රීය කරගත හැකි බව වන අතර දැනට පරීක්ෂණ මට්ටමේ ඇති මේ පහසුකම ඉදිරියේදී සියළුම Chrome පරිශීලකයින් හට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.