Google I/O 2021 event එක පැවැත්වීමට නියමිත දිනයන් සහ Register වන ආකාරය නිවේදනය කිරීමට Google සමාගම කටයුතු කරයි

පසුගිය වසරේ මැයි මස 7 වැනි දින පැවැත්වීමට නියමිතව තිබුණු Google I/O 2020 වැඩසටහන COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් අවලංගු කර දැමීමට Google සමාගම කටයුතු කළ බව මතක ඇති.

Google සමාගමේ වසරේ දැවැන්තම event එක වූ Google I/O event එක අවලංගු කිරීමට තීරණය කරයි
Google සමාගමේ විශාලතම තාක්ෂණික event එක වන Google I/O event එක Mountain View වල Shoreline Amphitheatre [http://www.mountainviewamphitheater.com/] හි දීපැවැත්වීමට සැළසුම් කර තිබුණත්, එම event එක අවලංගු කිරීමට තීරණය කර ඇති බව මේ වනවිට Google සමාගම ප්‍රකාශ කරනවා. මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ල…

කොහොම නමුත් මෙම වසරේදී Google I/O 2021 event එක online event එකක් සෙ පැවැත්වීමට Google සමාගම තීරණය කර ඇති අතර, එය මැයි මස 18 වැනි දින සිට 20 වැනි දින දක්වා සුපුරුදු පරිදි වැඩසටහන් මාලා‍වක් ලෙස පැවැත්වීමට නියමිත වෙනවා.

මෙය online event එකක් ලෙස පැවැත්වෙන බැවින් ඕනෑම පුද්ගලයෙකු හට මේ සඳහා join වීමේ හැකියාව ඇති අතර, ඔබ developer කෙනෙකු නම් Ask Me Anything Sessions සඳහා සම්බන්ධ වීමේ හැකියාව ද නොමිලයේම ලබාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

Google I/O ’21
Google I/O returns virtually May 18-20.

ඒ සඳහා register වීමට අවශ්‍යය නම් ඉහත link එක click කර Google account එක හරහා sign in වී ලබාදෙන ප්‍රශ්න කිහිපයට පිළිතුරු සැපයීම හරහා register වීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව සුපුරුදු පරිදි Google I/O වැඩසටහනට අදාලව මෙවර puzzle එක ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, පහත link එක හරහා ගොස් එය විසඳීමේ හැකියාව ද තිබෙනවා.

Google I/O 2021 Save the Date Experience
I/O is an annual developer conference hosted by Google. In 2021, the conference will be virtual and free to attend.

මේ puzzle එක තනිව විසඳීමට අපහසු නම්, 9to5google වෙබ් අඩවිය විසින් එය විසඳන ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ලබාදී ඇති අතර, අවශ්‍යය නම් එය පරිහරණය කිරීමේ හැකියාව ද තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Events වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.