2020 වර්ෂයේදී Google Hangouts නවත්වා දැමීමට Google සමාගම තීරණය කරන ලකුණු
Google Hangouts කියන්නේ Google සමාගමේ Google Talks පහසුකම් වෙනුවට අලුතින් හඳුන්වා දුන් communication platform එකක් වුවත්, Instant Messaging සේවා භාවිතා කරනු ලබන අය අතර මෙය එතරම් ජනප්‍රියත්වයට පත් වූ බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ.
බොහෝ වෙලාවට මෙය Android devices සමඟින් එකතු කර එවීමට Google සමාගම කටයුතු කරනු ලැබූ අතර වෙනත් Instant Messaging සේවාවන් වල නොමැති SMS සේවාව සමඟ ඇති කර තිබූ අන්තර්සම්බන්ධතාවය ඉතාමත් ජනප්‍රිය වූවා.
කොහොම නමුත් Viber, WhatsApp සහ Messenger වැනි සේවාවන් අතර තම ස්ථානය රැක ගැනීමට මේ Google Hangouts සේවාවට නොහැකි වූ අතර 2020 වර්ෂය වන විට දැනට පවතින Hangouts සේවාව නතර කර Hangout පරිශීලකයන් Hangout Chat සහ Hangout Meet යන සේවාවන් වෙත යොමු කිරීමට Google සමාගම කටයුතු සූදානම් කරන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.
1/ I can't comment on your sourcing, since I don't have any details. The frustrating part about your reporting is it leaves the reader to jump to dramatic conclusions, because it is only half the story. Hangouts users will be migrated to Chat and Meet.
— Scott Johnston (@happyinwater) December 1, 2018
2/ So while that will result in the eventual shut down of Hangouts classic (as we now call it), it doesn't imply we are ending support for the use case supported by the product: messaging and meetings.
— Scott Johnston (@happyinwater) December 1, 2018
මූලිකව 9to5google වෙබ් අඩවිය වාර්ථා කළ ආකාරයට මෙම Hangouts සේවාව සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට Google සමාගම සූදානම් නොවන බවත්, ඒ වෙනුවට එම පරිශීලකයන් Hangouts Chat සහ Meet වන products වෙත යොමු කෙරෙනු ඇති බවත් Google සමාගම විසින් වාර්ථා කරනවා.
මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.