පරිශීලකයන්ට ව්‍යාජ ads සහ Malware වැනි හානිදායක apps වල ads සහ link පෙන්වීමට කටයුතු කල Selfie හා Beauty camera App 38 ක් Play store වෙතින් ඉවත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අතරින් ඇතැම් apps install කර open කිරීමෙන් අනතුරුව එහි app icon එක hide කරන ලෙස සකස් කර ඇති අතර, ඒ හරහා පරිශීලකයා හට එය හඳුනාගෙන ඉවත් කීරීම අපහසු වන ලෙස සකස් කර තිබෙනවා.

‍එමෙන්ම මේවායේ code obfuscation සිදු කිරීම සඳහා අරාබි සහ චීන අකුරු යොදාගැනීම හරහා වෙනත් කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත නොහැකි තත්ත්වයකට පත් කිරීමටත්, antivirus මෘදුකාංග වලින් ආරක්ෂා වී සිටීමේ හැකියාවත් ලබාගැනීමට මෙම apps සමත් වී තිබෙනවා.

White Ops නම් කණ්ඩායමක් විසින් මෙම apps පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා කර ඇති අතර ZDNet වෙබ් අඩවිය විසින් පසුව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබුනා.

The Beauty Façade of Ad Fraud | White Ops
The White Ops Satori Threat Intelligence and Research Team identified and tracked an ad fraud operation of 38 applications. Discover what they all have in common.

මෙලෙස ඉවත් කර ඇති Apps 38 ම එකම Developer වරුන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති බව හඳුනාගෙන ඇති අතර ඉන් apps 21 ක් 2019 වර්ෂයේ ජනවාරි මාසයේදී Play Store වෙත එක් කර තිබුණා.

කොහොම නමුත් Google සමාගමේ protection service එක මඟින් සති කිහිපයක් ඇතුළත එම apps සියල්ලම ඉවත් කිරීමට කටයුතු කර තිබූ නමුත් ඒ වන විටත් එම apps download කළ පරිශීලකයින් ප්‍රමාණය ලක්ශ 5 ඉක්මවා ගොස් තිබුණු බව වාර්ථා වෙනවා.

අනතුරුව මෙම කණ්ඩායම විසින් තවත් එවැනි apps 15 ක් 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදීත්, තවත් apps 2 ක් 2019 නොවැම්බර් මාසයේදීත් Play Store වෙත එක් කර තිබෙනවා.

මේ වන විට මෙම හඳුනාගත් apps 38 ම ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඉවත් කරන අවස්ථාව වන විට මෙම App 38 ම සමස්ථ download ප්‍රමාණය මිලියන 20 ඉක්මවා තිබුණු බව වාර්ථා වෙනවා.

එමෙන්ම Google සමාගම Android පරිශීලකයන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙම apps install කරගෙන ඇත්නම් ඒවා තම දුරකථන වලින් ඉවත් කරන ලෙස වන අතර මේ apps ලැයිස්තුව මේ link එක හරහා ගොස් ලබාගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gadgets 360 වෙබ් අඩවිය, Whiteops වෙබ් අඩවිය සහ ZDNet වෙබ් අඩවිය භාවිතා කළ හැක.