Google Chrome මත වචනයක් මත long-press කිරීමෙන් select text, copy, share, web search වැනි option ද, single-tap කිරීමකින් quick search එකක් ද සිදු කිරීමේ හැකියාව ද Chrome mobile පරිශීලකයින් හට මේ වන විටත් ලබාදී ඇති options අතර වන බව ඔබ දැක ඇති.

කොහොම නමුත් මේ වන විට මේ පහසුකම තවදුරටත් දියුණු කරමින් තනි tap කිරීමක් හරහා වචන වල අර්ථයන් පෙන්වීමේ පහසුකමක් ද Android පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කර ඇති බව දැකගත හැකි වෙනවා.

දැනට පවතින single tap පහසුකම (වමේ) | දැනට පවතින long press පහසුකම (මැද) | අලුත් single tap පහසුකම (දකුණේ)

ඉහත පින්තුර වල පෙනෙන පරිදි Chrome වලදී “touch to search” feature එක ඉතා කෙටි විස්තරයක් සහිතව bottom bar එකක් පෙන්වන අතර එමඟින් results එක pull up කර විට බැලීමට හැකියාව ලැබෙනවා.

මේ අනුව web page එකක වචනයක් මත single-tap කරන විට දැන් වචනය highlight වි bottom bar එකෙහි dictionary definition එකක් පෙන්වනු ලැ‍බෙන අතර එය pull up කළ විට Google Knowledge Graph results ඇතුලු සියලුම results පෙන්වනු ලබනවා.

View post on imgur.com

මෙම feature එක දැනට Android වලට ලබාදී ඇති stable Chrome app එකේ (v83.0.4103.106) ක්‍රියාත්මක වන අතර අවශ්‍යනම් පරිශීලකයින් හට chrome://flags/#contextual-search-definitions හරහා ගොස් මෙය සක්‍රීය කරගැනීමේ හැකියාව පවතිනවා.

Google Chrome: Fast & Secure - Apps on Google Play
Google Chrome is a fast, easy to use, and secure web browser. Designed for Android, Chrome brings you personalized news articles, quick links to your favorite sites, downloads, and Google Search and Google Translate built-in. Download now to enjoy the same Chrome web browser experience you love acro…
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.