Google Assistant යනු අද වන විට Android පරිශීලකයන් බොහෝ පිරිසක් නිරන්තරයෙන් භාවිතා කරන සේවාවක් වී හමාරය.

Google Assistant - Get things done, hands-free - Apps on Google Play
Get the Google Assistant for hands-free help Your Google Assistant is ready to help when and where you need it. Manage your schedule , get help with everyday tasks, control smart home devices, enjoy your entertainment, and much more. Just start with: “Hey Google” Play music and videos with your v…

Android පරිශීලකයන් හට බොහෝ වැඩ කටයුතු voice command ඔස්සේ සිදුකර ගැනීමට මෙමඟින් හැකියාව ලැබි ඇති අතර Google Assistant මඟින් එදිනෙදා කාළගුණ වාර්ථාව, එදින සිදු කළ යුතු වැදගත් දෑ voice command මගින් පහසුවෙන්ම සොයා බැලීමට ද හැකියාව ලබා දෙනවා.

මේ සියලු දේවල් වලට අමතරව තවත් එක් විශේෂ අංගයක් එකතු කිරීමට Google සමාගම විසින් කටයුතු කර ඇති බවට මේ වන විට වාර්ථා වන අතර දැන් “Plan today’s meals” යනුවෙන් ඔවුන් තමන්ගේ පරිශීලකයන් හට ආහාර වට්ටෝරු වල විස්තර පෙන්වීමට කටයුතු කරනු ලබනවා.

මෙමඟින් දිනපතා විවිධ ආහාර වල වට්ටෝරු පෙන්වීමට කටයුතු කරනු ලැබුවත්, මෙය සියලු පරිශීලකයින් හට අත්‍යාවශ්‍යය feature එකක් නොවන අතර මෙය ඉවත් කිරීමට නොහැකි ආකාරයෙන් යොදා තිබීම බොහෝ දෙනාගේ කනස්සල්ලට ‍හේතු වි ති‍බෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA - Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.