Google Assistant සහ Amazon Alexa Xbox One එකට පැමිණෙන ලකුණු

Google Assistant සහ Amazon Alexa කියන්නේ මේ වෙනකොට ලොව digital assistant market share එකෙන් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන අතර අප අවට සෑම device එකකටම පාහේ නුදුරු අනාගතයේදී පැමිණෙන සේවාවන් දෙකක් වෙනවා.

ඔන්න දැන් මේ Assistant යුවල Microsoft Xbox One එකට අන්තර්ගත කිරීමට සූදානම් වන බව Windows Central වෙබ් අඩවිය මගින් leak වුණු screenshot එකක් මගින් සනාථ වෙනවා.

මේ වන විටත් මේ Xbox One එකේ Microsoft Cortana අන්තර්ගත කර තිබුණත් Windows 10 වලදී ලබාගතහැකි සියළුම පහසුකම් ලබා දීමට මේ Xbox One එකේ ඉන්න Cortana ට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඉතින් මේ Alexa හෝ Google Assistant එක Xbox එකේ භාවිතා කරන්න නම් ඒවා enable කිරීමෙන් පසුව ඒ apps සඳහා search කල යුතු වෙන අතර headset එකක් හෝ Kinect sensor එකක් ද අවශ්‍යය වෙනවා.

කෙසේ වුවත් මේ access කිරීමේ ක්‍රමය ප්‍රායෝගික නොවන ක්‍රමයක් ලෙස බොහෝ දෙනා දැනටමත් ප්‍රතිචාර දක්වා තිබෙන අතර එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ games play කරනු ලබන හෝ TV බලනු ලබන සියළුම දෙනා headset එකක් හෝ Kinect sensor එකක් නිතරම භාවිතා නොකරනු ලබන බවයි.

Google Assistant ගැන තවමත් කිසිඳු ප්‍රවෘතියක් දැනගන්නට නොලැබුණත්, ඊයේ දිනය වන විට Cortana හා Alexa භාවිතා කර මේ Xbox One එක හරහා වෙනත් Smart Devices භාවිතා කළ හැකි ක්‍රමයක් "Xbox Skill" යන නමින් එළි දක්වන්නට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

Cortana හා Alexa මගින් "Ask Xbox what can I say?" යනුවෙන් විමසීම මගින් මෙය භාවිතා කළ හැකි ආකාරය ගැන වැඩිදුර විස්තර දැනගන්නට හැකියාව තිබෙන අතර මේ ගැන වැඩි විස්තර Xbox News හරහා දැනගත හැකි වෙනවා.