Global technology market analyst firm එකක් වන Canalys ආයතනය විසින් සිදු කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ලොව පුරා smartwatch වෙළඳපොළ පසුගිය වසරට සාපේක්ෂව 12% කින් පමණ වර්ධනය ඇති බව වාර්ථා කර සිටිනවා.

කොහොම නමුත් Apple Watch අලෙවිය 13% කින් අඩු වී ඇති බවද මෙම වාර්තාව විසින් සඳහන් කර ඇති නමුත් තවදුරටත් ලොව smartwatch වෙළඳපොල තුළ පළමු ස්ථානය රැකගැනීමට Apple සමාගම සමත් වී තිබෙන බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව Apple සමාගම 2020 පළමු කාර්තුවේ දී smartwatch මිලියන 5.2 ක් අලෙවි කර ඇති අතර Huawei සමාගම smartwatch මිලියන 2.1 ක් අලෙවි කරමින් දෙවන ස්ථානයේත්, Samsung සමාගම smartwatch මිලියන 1.8 ක් අලෙවි කරමින් තුන් වන ස්ථානයේත් රැඳී සිටිනවා.

මෙම ලැයිස්තුවේ Garmin හා Fitbit යන වෙළඳනාම පිලිවෙලින් හතර සහ පස්වන ස්ථානයන් වල පසු වනවා.

එක්සත් ජනපදය හා යුරෝපයීය වෙළඳපොල තුල Apple Watch සඳහා ඉල්ලුම යම් ප්‍රමාණයක් අඩු වී තිබුණ ද ලොව අනෙකුත් වෙළඳපොල වලදී Apple Watch සඳහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බව ද Canalys ආයතනය ප්‍රකාශ කරනු ලබනවා.

එමෙන්ම චීනය තුළ smartwatch අලෙවිය 66% කින් පමණ ඉහල ගොස් ඇති අතර Apple හා Xiaomi වැනි සමාගම් cellular connectivity පහසුකම සමඟින් මේ smartwatch නිකුත් කිරීම චීන වෙළඳපොල තුළ ඉල්ලුම ඉහල යාමට හේතු වී ඇති බව Canalys ආයතනය වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.

Xiaomi, Huawei හා Oppo වැනි සමාගම් නිසා චිනය තුළ smartwatch වෙළඳපොල 2021 වසර වන විට තවදුරටත් වර්ධනය වනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Canalys වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.