2018 වර්ෂයේදී Microsoft සමාගම විසින් GitHub එක මිලට ගැනීමට කටයුතු කළ බවත්, ඉන් පසුව private repositories නොමිලයේ නිර්මාණය කිරීමේ හැකියාව ලබාදුන් බවත් අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

GitHub වෙතින් Private Repositories නොමිලයේ නිර්මාණය කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරයි
හැමෝටම මතක ඇති පසුගිය වසරේ GitHub එක Microsoft ආයතනය මගින් මිලදීගන්නට කටයුතු කළා[/microsoft-ek-visin-github-ek-miildii-gaeniimtt-saerseyi/] වගේම GitHubEducation pack එකත් මේ වන තුරු නොමිලයේ ලබා දෙන්නට[/microsoft-makes-github-education-free-for-schools/] ඔවුන් කටයුතු කළා. ඒ වගේම GitHub ආයතනය [https://en.wikipedia.org/wiki/GitHub…

ඔන්න දැන් මේ GitHub සේවාව සඳහා mobile app එකක් එළිදැක්වීමට මොවුන් කටයුතු කර ඇති අතර මේ වන විට iOS සහ Android යන platforms භාවිතා කරන්නන් හට මෙය නිකුත් කිරීමට GitHub ආයතනය කටයුතු කර තිබෙනවා.

GitHub for mobile
Bring GitHub collaboration tools to your small screens with GitHub for mobile. Sign up for the iOS beta or get on the list for our Android version—and we’ll let you know when your app of choice is ...

මේ app එකේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ developer වරුන් තමන්ගේ පරිගණකයෙන් බැහැරව සිටින අවස්ථා වලදී පහසුවෙන් තම projects manage කරගැනීමට හැකියාව ලබාදීම වන අතර tasks organize කරගැනීමට, issues සඳහා feedbacks ලබාදීමට, comments සඳහා respond කිරීමට මෙන්ම review සහ pull requests merge කිරීමට ද මේ mobile app එක හරහා හැකියාව ලැබෙනවා.

මේ app එක හරහා අදාල repository එක තුළ ඇති code බැලීමට හැකියාව ලැබෙන නමුත් ඒවා edit කිරීමේ හැකියාව නම් තවමත් ලබා දී නැහැ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ GitHub Mobile page එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.