EV Racing වලට නව මුහුණුවරක් දෙමින් Formula E GEN4 රථය එළිදක්වයි
ලොව ප්‍රධානතම ධාවන තරඟාවලියක් වෙන Formula E විසින් ලෝක FIA (ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය) සමග එක්ව ඔවුන් 2026/27 Season එකේ සිට භාවිත කරන Formula E Gen4 රථය පසුගියදා එළිදැක්වූවා. දැනට භාවිත කරන Gen3 රථ සමඟ සසඳන විට මෙම Gen4 රථවල සැලකියයුතු වෙනසක් දැකගත හැකි වෙනවා.
All Electric Racing Series එකක් නිර්මාණය කිරීමේ අරමුණින් 2014 වසරේදී Formula E Racing Series එක ආරම්භ වූවා. මේ වන විට එය Season 11 ක් පවත්වා තිබෙන අතර රටවල් 25 ක ඔවුන් තරඟ පවත්වා තිබෙනවා.
Gen4 රථය පෙනුමින් ගත්විට එහි Front Wing එක Gen1 රථයක පෙනුමින් නිර්මාණය කර තිබෙනවා. තරඟවදින කණ්ඩායම් හට Qualifying (සුදුසුකම් ලැබීමේ වට) වලදී High Downforce Setup එකකට යාමටද Race එකේදී Low Downforce Setup එකකට යාමටද මේ Gen4 රථයෙන් අවස්තාව ලැබෙනවා.
Gen4 රථයේ බඳකොටසේ සිට පිටුපස පෙනුමින් 1970-80 දශකවල Formula 1 Car එකකට විශාල සමානකමක් දක්වනවා. මීට පෙරදී Formula E විසින් භාවිත කරන ලද රථවලට වඩා විශාල සහ වැඩි උසකින් පිහිටි, Formula 1 සහ 2 රථවල පෙනුමට සමාන Rear Wing එකක් Gen4 හි දැකගන්නට ලැබෙන අතර F1 සහ F2 වලදී භාවිත කරන Drag Reduction System ආකාරයේ පද්ධතියක් මේ රථවල බලාගැනීමට නොහැකි වෙනවා. ඒ වෙනුවට පෙර මෙන්ම රථයේ මෝටර් වල බලය වැඩි කරන Attack Mode එකක් මේ Gen4 රථවල අඩංගු වෙනවා.
එක Driver කෙනෙක්ට විනාඩි 6ක Attack Mode එකක් ලැබෙනවා, මේ විනාඩි 6 හරියට කළමණාකරනය කරොත් ඔයාට රේස් එකේ අන්තිම ස්තානෙ ඉඳලා පළවෙනියා වුනත් වෙන්න හැකියාව තියෙනවා.
මෙම රථය බලගන්වන්නට කිලෝ වොට් 55 ක බැටරියක් යොදාගෙන තිබෙනවා, මේ බැටරියෙන් කිලෝ වොට් 450ක බලයෙන් යුතු Powertrain එකක් බලගන්වන අතර Attack Mode භාවිතයේදී එය කිලෝවොට් 600කට වැඩිවෙනවා. Formula E වලට අනුව මෙහි බැටරිය පසුගිය Generation වලට වඩා 43%ක වැඩිවීමක් වෙනවා.
Formula E යනු ආරම්භයේ සිටම තිරසාරත්වය අරමුණු කරගත් ක්‍රීඩාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ නිසා ඔවුන් ආරම්භයේ සිට NetZero ප්‍රතිපත්තිය අනුගමනය කල අතර එය තවත් තහවුරු කරමින් Gen4 රථය සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කලහැකි අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අතර, Gen4 රථයේ 20%ක් නිෂ්පාදනයට ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය භාවිත කර තිබෙනවා.
මෙම Gen 4 රථය ලබන වසරේ අග ආරම්භ වෙන 2026-27 Season එකේදී තරඟ සඳහා භාවිත කිරීමට සැලසුම් කර අතර තවත් සති කිහිපයකින් ආරම්භ කිරීමට නියමිත 2025/26 Season එක සඳහා 24/25 Season එකේදි භාවිත කල Gen3 රථයම භාවිත කිරීමට නියමිතව තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා fiaformulae.comවෙබ් අඩවිය භාවිතා කළ හැක.