ඔබේ Facebook ගිණුමත් ස්ව්‍යංක්‍රීයවම logout වූවා ද? එය configuration change එකක් නිසා සිදු වූ බව Facebook සමාගම ප්‍රකාශ කරයි
පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනයන් වල බොහෝ iOS භාවිතා කරන Facebook පරිශීලකයින් ස්ව්‍යංක්‍රීයව Facebook app එකෙන් logout වී තිබෙන බව දැකගත හැකි වූ අතර බොහෝ දෙනා හට ඉන් පසුව නැවත login වීමට ද හැකියාවක් ලැබී තිබුණේ නැහැ.
නැවත login වීමට උත්සාහ කරන අතරතුරදී two-factor authentication code එක ලබා නොදීමටත්, ඒ වෙනුවට error message එකක් පෙන්වීමටත් කටයුතු කළ අතර, password එක reset කිරීම සඳහා ද ඉඩක් ලැබුණේ නැහැ.
We’re looking into reports of people being logged out and having to login again to access their Facebook accounts. We’re working to resolve this issue as quickly as possible. Thank you for your patience.
— Facebook App (@facebookapp) January 23, 2021
මෙම තත්ත්වය හටගැනීමට හේතුව Facebook configuration change එකක් බවත්, එය ජනවාරි 23 වැනි දින උදෑසන විට නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරනු ලැබූ බවත් මේ වන විට Facebook සමාගම නිවේදනය කර තිබෙනවා.
So Facebook, heard it was a "configuration change".
— Facebook App (@facebookapp) January 23, 2021
👏👏👏 to the engineers who fixed the issue and patiently tried to explain the cause to us to no avail. https://t.co/AUARhCZ7W2
මේ සමඟින් බොහෝ Facebook පරිශීලකයින් තම Facebook ගිණුම disable වී ඇතැයි බිය වී තිබුණු අතර Downdetector සහ Reddit වෙබ් අඩවි හරහා ලොව පුරා පරිශීලකයින් රැසක් මේ පිළිබඳව වාර්තා කර තිබුණා.
කොහොම නමුත් මෙම ගැටළුව මේ වන විට නිරාකරණය කර ඇති අතර, මේ වන විට සාමාන්‍යය පරිදි නැවත login වීමට හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම මේ මගින් වෙනත් කිසිඳු බළපෑමක් ඔබගේ Facebook ගිණුමට සිදු වන්නේ නැහැ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Deadline වෙබ් අඩවිය භාවිතා කළ හැක.