Facebook Messenger යනු එහි පෙනුම සහ bad user experience එක නිසාවෙන් වසර ගණනාවක් තිස්සේ ලොව පුරා බොහෝ දෙනෙකුගේ දෝෂාරෝපණයට ලක් වූ app එකක් බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

කොහොම නමුත් මේ Messenger app එකේ ඇති Discover tab එක ඉවත් කරමින් එයට සරළ පෙනුමක් ලබාදීමට Facebook සමාගම කටයුතු කරමින් සිටින බව TechCrunch වෙබ් අඩවිය වාර්ථා කරනවා.

මේ වෙනස්කම් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නිවේදනය කරනු ලැබූ අතර මීළඟ සතිය ඇතුලත පරිශීලකයන් හට ලබාදීම ආරම්භ කිරීමට Facebook ආයතනය බළාපොරොත්තුවෙන් සිටිනවා.

මෙහි ඇතුලත් වන "Peope" tab එක තුළ stories සහ එම අවස්ථාවේදී online සිටින පුද්ගලයන්ගේ ලැයිස්තුව පෙන්වන අතර stories වල පෙනුම විශාල කර එය සරළ සහ සිත්ඇදගන්නාසුළු ස්වභාවයකින් ඉදිරිපත් කර තිබෙනවා.

Messenger app එකේ Games සහ Business වලට සම්බන්ධ වන දේවල් ඉවත් කර, ඒ වෙනුවට පරිශීලකයාගේ මිතුරන් සහ හිතවතුන් සමඟින් ඇති සම්බන්ධතාවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු වන ලෙස මෙම වෙනස්කම් සිදු කර ඇති අතර Stories සමඟින් Ads පෙන්වීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TNW වෙබ් අඩවිය භාවිතා කළ හැක.