COVID-19 වසංගත තත්වය හේතුවෙන් මිනිසුන් face mask භාවිතා කළ යුත්තේ ඇයිද යන්න අමුතුවෙන් පැහැඳිලි කිරීමට අවශ්‍ය වන්නේ නැති නමුත් එයට‍ හේතුව සරලව කිවහොත් මුහුණු ආවරණ භාවිතයෙන් ඔබේ මෙන්නම ඔබගේ සමිපතමයන්ගේ ජිවිත coronavirus ආසාධනයෙන් ආරක්ෂා කර ගැනීම‍ට හැකියාව ලැබීමයි.

මේ වන විට ඔබට නොදැනුවත්ව හෝ face mask භාවිතය අමතක වී ගොස් ඇත්නම් හෝ මෙම අවධානම සාමාන්‍යයකරණය වී ඔබට එය අනවශ්‍යය යැයි සිතෙන මට්ටමට පැමිණ ඇත්තම්, ඒ වෙනුවෙන් උනන්දුවක් ඇති කිරීම සඳහා Facebook සහ Instagram වල home screen එක මඟින් ඉහලින්ම face mask භාවිතා කරන ලෙස දැනුන් දීමක් පෙන්වනු ලැ‍බෙනවා.

“Wear a cloth face covering to help prevent the spread of COVID-19” යනුවෙන් Facebook සහ Instagram apps වල ඉහළින්ම alert card එකක් පෙන්වනු ලබන අතර රෝග මර්දන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) වල සෞඛ්‍ය දත්ත ඇති section එකට මෙම alert card එක ඔස්සේ පිවිසිමට අවස්ථාව Facebook ආයතය විසින් ලබා දී තිබෙනවා.

රෝග මර්ධන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) තොරතුරු සඳහා පිවිසිම මඟින් මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම සහ ජීවිතයට තර්ජනයක් වන මෙම වෛරසයෙන් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා වන රෝග වැළැක්වීමේ පියවර පිළිබඳව වැඩිදුර දැන ගැනීමට අදාල පරිශීලකයා හට හැකියාව ලැබෙනවා.

මුහුණු ආවරණ භාවිතයට විරුද්ධව ප්‍රසිද්ධියේ කුඩා පිරිසකගේ විරෝධතා මැතකදී දක්නට ලැබූ අතර එවැනි නොසැලකිලිමත් හැසිරීම් නිසා ඇති වන සෞඛ්‍ය අවධානම හේතුවෙන් බලධාරීන් යම් යම් දේ මැඩපැවැත්වීමට උත්සාහ කරන බව පෙනී යනවා.

මූලිකව face mask වල ඉල්ලුම එකවර ඉහළ යෑම නවත්වාගැනීම වෙනුවෙන් මහජනයා විසින් face mask පැළඳීම අත්‍යාවශ්‍යය නොවන බව සෞඛ්‍යය බළධාරීන් ප්‍රකාශ කරනු ලැබුවත් මේ වන විට මෙහි ඇති වැදගත්කම බොහෝ දෙනා හට ‍තේරුම් ගොස් ඇති බව දැකගත හැකි වෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනිම සඳහා Pocket Now වෙබ් අඩවිය සහ Social Media Today වෙබ් අඩවිය භාවිතා කළ හැකිය