Huawei සමාගමේ EMUI, එහෙමත් නැතිනම් Emotion UI Android skin එකේ අටවැනි සංවත්සරය පැවැත්වීම සඳහා විශේෂ online event එකක් පසුගිය දා පැවැත්වුනු අතර එහිදී EMUI 11 සංස්කරණය නිකුත් කිරීමට නියමිත කාළසීමාව පිළිබඳව පළමු වරට ඉඟියක් නිකුත් වුණා.

මේ අනුව මෙම වසරේ තුන්වන කාර්තුවේදී EMUI 11 සංස්කරණය නිකුත් කරනු ලබන බවට Huawei සමාගමේ consumer business software department එකෙහි සභාපති වන Dr. Wang Chenglu විසින් තහවුරු කර ඇති බව GSM Arena වෙබ් අඩවිය වාර්ථා කරනවා.

කෙසේ වෙතත් Huawei සමාගම විසින් EMUI 11 සංස්කරණය නිකුත් කරන නිශ්චිත දිනයක් හෝ එම සංස්කරණය ලැබෙන්නේ ‍කුමන devices සඳහාද යන්න තහවුරු කර නොමැති නමුත්, මූලිකව Huawei Mate 40 series එකත් සමඟ මෙම EMUI 11 සංස්කරණය නිකුත් වනු ඇති බව බොහෝ දෙනා අනුමාන කරනවා.

Android Q පාදක කරගත් EMUI 10 සංස්කරණය Huawei ජංගම දුරකථන 22ක් සඳහා නිකුත් කිරීමට නියමිත වෙයි
‌‌චීනයේ විශාලතම තාක්‍ෂණ සමාගම වන Huawei සමාගම සිය වාර්ෂික සමුළුව Dongguanනගරයේදි පැවැත්වුණු අතර එහිදී ඔවුන්ගේ අලුත් මෙහෙයුම් පද්ධතිය වන HarmonyOS එක නිළවශයෙන් එළිදැක්වීමට කටයුතු කළ බව[/huawei-officially-reveals-harmony-os-its-first-party-operating-system/] අපිඔබව දැනුවත් කළා මතක ඇති. ඊට අමතරව …

2012 වර්ෂයේදී Android 4.0 මත පදනම්ව Emotion UI 1.0 ලෙස මූලිකව නිකුත් කළ මේ EMUI skin එක වසර ගණනාවක් පුරාවට වැඩිදියුණු වූ අතර, මේ වන විට නිකුත් කර ඇති අවසාන සංස්කරණය වන්නේ EMUI 10.1 සංස්කරණයයි.

Huawei P30, Mate 30, සහ Nova 5T සදහා EMUI 10.1 සංස්කරණයේ global beta නිකුත් කිරිම ආරම්භ වෙයි
මෙම වසර මුලදී Huawei සමාගම සිය නවතම flagship devices වන Huawei P40, Huawei P40Pro සහ Huawei P40 Pro+ එළිදැක්වූ අතර එයට සමගාමිව Huawei සමාගම Android 10 පාදකකරගෙන EMUI 10.1 සංස්කරණය ද එළිදක්වනු ලැබිණි. ඉන් ටික කලකට පසු ඔවුන්ගේ පැරණි Huawei සහ Honor smartphones සඳහා beta version නිකුත් කිරිමේ කාලය…
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Play fuldroid වෙබ් අඩවිය භාවිතා කළ හැක.