ලොව ධනපතියන් අතරේ ඉහළින්ම සිට Elon Musk පහතට
Tesla, SpaceX ඇතුළු සමාගම් රැසක හිමිකාරීත්වය දරණ මේ දවස් වල වැඩි කතා බහකට ලක්වන Elon Musk ලොව බිලියන පතියන් අතරේ ඉහළම තැන හිමිකර ගැනීමට පසුගිය කාල වකවානුවේදී සමත් වී තිබුණා.
කෙසේ වෙතත් ඊයෙ (13) දිනයේ සිට ලොව බිලියන පතියන්ගේ දර්ශකයේ ඉහළම ස්ථානයේ රැඳී සීටීමට ඔහුට ඉඩක් ලැබුණේ නෑ. ඒ Louis Vuitton's එහෙමත් නැතිනම්, LVMH සමාගමේ හිමිකාරීත්වය දරණ Bernard Arnault ගේ ධනය ඩොලර් බිලියන 190 සීමාව ඉක්මවා යාමත් සමඟයි. ඔවුන් දෙදෙනාගේ මුළු වත්කම් අතර පරතරය ඩොලර් බිලියන 16.3ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ.
දෙසැම්බර් මාසයට පෙර සිටම Elon Musk විසින් "ලොව ධනවත්ම පුද්ගලයා" යන නාමය අහිමිකරගෙන සිටි බවට වාර්ථා පෙන්වා දෙනවා. ඔහු විසින් Tesla සමාගමේ කොටස් විකිණීමෙන් සහ Twitter සමාගම ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමෙන් පසුව මෙම තත්ත්වයට පත්ව ඇති බව Forbes වෙබ් අඩවිය වාර්ථා කර තිබෙනවා.
ලොව බිලියන පතියන්ගේ වත්කම් පිළිබඳ real-time දත්ත ලබා ගැනීමට ඔබට Forbes Billionaires List එක භාවිතා කළ හැක.
කෙසේ වෙතත් පාඩු ලබමින් තිබූ Twitter සමාගම නැවත ප්රතිස්ථාපනය කිරීමට Elon Musk විසින් මේ දින වලදී කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මානව මොළය හා පරිගණක අතුරුමුහුනතක් සම්බන්ධ කිරීමට Neuralink සමඟ ගන්නා වෑයමද අවසන් අදියරේ පවතින බව අප මතක තබා ගත යුතුය.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ABC News වෙබ් අඩවිය සහ CNN වෙබ් අඩවිය භාවිතා කළ හැක.