මෘදුකාංග දෝශයක් හේතුවෙන් Tesla Full Self-Driving අලුත්ම Beta අනුවාදය තාවකාලිකව අත්හිටුවීමට Tesla සමාගම තීරණය කරයි
Tesla සමාගමේ Fully self driving (FSD) හි නවතම අනුවාදය release කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කල බව Tesla හි ප්‍රධාන විධායක නිලධාරී වන Elon Musk විසින් Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මීට හේතුව වී තිබෙන්නේ ඔවුන්ගේ ස්වයං රිය පැදවීමේ පද්ධතියේ නවතම Beta අනුවාදය වන 10.3 වල ඇති වූ දෝෂයක් වන අතර ඒ නිසා එම "10.3 අනුවාදය වෙනුවට, තාවකාලිකව නැවත 10.2 අනුවාදය වෙත මාරු වීමට" සමාගම තීරණය කළ බවයි.
Seeing some issues with 10.3, so rolling back to 10.2 temporarily.
— Elon Musk (@elonmusk) October 24, 2021
Please note, this is to be expected with beta software. It is impossible to test all hardware configs in all conditions with internal QA, hence public beta.
FSD (Fully Self Driving) යනු සැබවින්ම සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීය රිය ධාවන පද්ධතියක් නොවන අතර එය වැඩිදියුණු කරන Driver assistant system එකක් පමණක් උවත්, රියදුරන් විසින් මෙය නොසළකා හැරීම නිසා පසුගිය කාලයේ අනතුරු කිහිපයක්ම වාර්තා උනා ඔබට මතක ඇති.
මෑත කාලයේ සිදු කළ MIT (Massachusetts Institute of Technology) මගින් සිදුකල අධ්‍යනයකින් ද මෙම කරුණු ඉස්මතු කර තිබෙන අතර, එම වාර්තාව පෙන්වා දෙන්නේ රියදුරන් අවධානය අඩු කරන විට එය අනතුරු වලට තුඩු දෙන බවටයි.
එලඹෙන සිකුරාදා දින ඇතැම් Tesla හිමිකරුවන් හට 10.3 අනුවාදය නිකුත් කරන බවට දැනුම් දුන්නද Elon Musk සෙනසුරාදා දින පවසා සිටියේ ඔවුන්ට තව දවසක් බලා සිටීමට සිදුවන බවයි.
FSD 10.3 අනුවාදයේ ඇති දෝෂයක් ලෙස හදුනාගෙන ඇත්තේ, අනතුරක් ඉදිරියේ නොවුවද වාහන වල තිරිංග (Break) ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවයි. මෙම තීරණය පිළිබදව ඔවුන් වැඩි දුරටත් පවසා ඇත්තේ, මෙවැනි ගැටළු Beta අනුවාද සමග බලාපොරොත්තු විය හැකි අතර කඩිනමින් දෝශ නිවැරදි කිරීම සදහා පියවර ගන්නා බවයි.
කෙසේවෙතත් මීළඟ FSD අනුවාදය නිකුත් කරන නිශ්චිත දිනයක් Elon Musk විසින් තවමත් ප්‍රකාශ කර නැහැ.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.