Space X සමාගමේ BFR රොකට්ටුවේ නම StarShip ලෙස වෙනස් කරයි
BFR, එහෙමත් නැතිනම් Big Falcon Rocket කියන රොකට්ටුව ගැන තාක්ෂණයත් එක්ක ඉන්න කෙනෙක් නම් මේ වෙනකොටත් අහලා ඇති.
ඩොලර් බිලියන 5ක් පමණ වැය කර Elon Musk ගේ SpaceX සමාගමේ නිෂ්පාදනය කරන මේ අති විශාල රොකට්ටුවේ කවුරුත් දන්න හඳුනන නම වන Big Falcon Rocket (තව නමකුත් තියනවා) යන නම වෙනුවට අලුත් නමක් භාවිතා කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
මේ අනුව අලුත් නම Starship වන අතර මේ නමින් හඳුන්වනු ලබන්නේ රොකට්ටුවේ ඉහත කොටස පමණක් වන අතර පහතින් සවි කර ඇති boosters, Super Heavy යන නමින් හැඳින්වීමට කටයුතු කර තිබෙනවා.
මේ අනුව සම්පූර්ණ නම Starship Super Heavy නම් වන අතර Elon Musk විසින් මේ පිළිබඳව Twitter පණිවිඩයක් මගින් සනාථ කර තිබෙනවා.
Technically, two parts: Starship is the spaceship/upper stage & Super Heavy is the rocket booster needed to escape Earth’s deep gravity well (not needed for other planets or moons)
— Elon Musk (@elonmusk) November 20, 2018
මේ අලුත් නම් වෙනස් කිරීමට ප්‍රතිචාර දක්වමින් එක් twitter සාමාජිකයෙකු කියා සිටියේ Starship යනුවෙන් නම් කිරීමට නම්, අඩුම තරමින් මෙය වෙනත් star system එකකට වත් ගමන් කළ යුතු බවයි. එයට පිළිතුරු දක්වමින් Elon Musk කියා සිටියේ මෙහි පසුව නිශ්පාදනය කරන මාදිලි මෙසේ අපේ තාරකා මණ්ඩලයෙන් පිටතට ගමන් කරනු ඇති බවයි.
Later versions will
— Elon Musk (@elonmusk) November 20, 2018
කොහොම වුණත් තවමත් මේ BFR එක එහෙමත් නැතිනම් Starship එක තවමත් සම්පූර්ණයෙන්ම නිෂ්පාදන කටයුතු නිම කර නොමැති අතර SpaceX සමාගමේ සම්පත් වලින් 5%ක ප්‍රමාණයක් මේ වෙනුවෙන් වෙන් කර ඇති බව දැනගන්නට ලැබෙනවා.
මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය හා Space.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.