Tesla හා SpaceX යන සමාගම් හි නිර්මාතෘ වරයා වන Elon Musk විසින් මේ වන විට ලෝකයේ අනාගත ගමන් මාර්ගය කෙසේ විය යුතු දැයි තීරණය කරමින් සිටින බව පැවසුවහොත් එය අතිශෝක්තියක් නොවේ.

ඔහුගේ විදුලි මෝටර් රථ සංකල්පයන් මෙන්ම ඔහුගේ අභ්‍යවකාශ සංචාර පිළිබඳ පරීක්ෂණ වැඩ සටහන් මීට හොඳම උදාහරණ වෙනවා.

Elon Musk විසින් Neuralink සමාගම ආරම්භ කලේද එවැනි අද්විතීය අරමුණක් වෙනුවෙන් වන අතර එනම් මිනිස් මොළය සෘජුවම computer එකකට සම්බන්ධ කලහැකි interface එකක් නිර්මාණය කිරීමයි.

2016 දී ආරම්භ කරන ලද මෙම සමාගම Neural Technology එක හා සම්බන්ධව පරීක්ෂණ සිදුකරන අතර මෙම Neuralink තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

එහි දී මිනිස් මොළය සෘජුවම පරිගණකයට සම්බන්ධ කිරීම සඳහා Sewing Machine එකක ආකාරයේ උපකරණයක් නිපදවා තිබෙන බව සඳහන් වන අතර එමඟින් Neural thread, ඉඳිකටුවක් වැනි ආධාරකයක් භාවිතයෙන් මිනිස් මොළයට ඇතුළු කරන අතර සම්පුර්ණයෙන්ම කාවැද්දිය හැකි Neural interface එකක් මෙම කුඩා Neural Thread හරහා මොළයට සම්බන්ධ වෙනවා.

Elon Musk පෙන්වා දෙන පරිදි මෙමඟින් මිනිසුන් තුළ ඇති ඇබ්බැහිවීම් හා විශාදය වැනි තත්ත්වයන්ට ද ප්‍රතිකාර කළ හැකි අතර මොළයට බලපාන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අමතරව ඇස් පෙනීම, ශ්‍රවණය සහ අත් පා චලනය යථා තත්වයට පත් කිරීම වැනි දේ සඳහා ද මෙම භාවිතා කළ හැකි වෙනවා.

මේ වන විට මෙම තාක්ෂණය සතුන් ආශ්‍රිතව අත්හදා බලා ඇති අතර ඊළඟ වසර කිහිපය ඇතුළත ඇතුළත එය පුද්ගලයකුට බද්ධ කොට අත්හදා බැලීමට මොවුන් බලාපොරොත්තු වනවා.

යම් හෙයකින් මිනිස්සුන් ආශ්‍රිතව සිදුකරන ලද පරීක්ෂණ සාර්ථක වුවහොත් ඊළඟ වසර 5 හෝ 10 ඇතුළත මිනිස්සුන්ට භාෂාව කථා කිරීමට අවශ්‍ය නොවනු ඇති අතර සිතුවිලි ඔස්සේ සන්නිවේදනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව Elon Musk වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය, Express වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.