DxOMark Image Labs සමාගම (DxOMark) යනු smartphone වල camera සහ audio performance සඳහා මෙන්ම camera සහ lens සඳහාත් ratings ලබා දෙන ඉතාමත් ප්‍රසිද්ධ ආයතනයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති.

DxOMark නිළ Twitter ගිණුමෙහි පළකර ඇති tweet එකකට අනුව, ඔවුන් විසින් ඔක්තෝබර් 20 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8:30 ට විශේෂ event එකක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර එය “DXOMARK FOCUS” ලෙස නම් කර තිබෙනවා.

එම tweet එකෙහි සඳහන් කරන ආකාරයට, මෙම event එක තරමක් විශාල event එකක් වනු ඇතැයි අනුමාන කළ හැකි නමුත් මෙම event එකේදී එළිදැක්වීමට නියමිතව ඇති දේ පිළිබඳව තොරතුරක් තවමත් වාර්තා වන්නේ නැහැ.

එමෙන්ම, tweet එකෙහි දැක්වෙන link එක මගින් ඔබට ඔවුන්ගේ YouTube live-stream page එකට යොමුවීමට හැකියාව තිබෙනවා.

මීට වසර කිහිපයකට පෙර, DxOMark සමාගම ස්වාධීන සහ පෞද්ගලික සමාගමක් වීමට පෙර ප්‍රංශ සමාගමක් වන DxO Labs සමාගමෙහි කොටසක් වූ අතර එවකට DxO Labs සමාගම විසින් lightning connector එක හරහා iPhones සහ iPad සමඟ සම්බන්ධ වන DxO One නමින් camera accessory එකක් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

DxO One camera accessory එක

ඇතැම්විට මෙම event එක හරහා DxO One හි මීළඟ version එක හඳුන්වාදෙනු ඇතැයි අනුමාන කළ හැකි නමුත් ඒ පිළිබඳව තවමත් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා DxOMark Twitter ගිණුම සහ GizmoChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.