Discord Nitro Subscription එක සමඟින් දෙන Game Library එක නවත්වා දැමීමට තීරණය කරයි
ඔබ gamer කෙනෙක් නම් මේ වන විටත් Discord කියන නම නොදැන සිටීමේ සම්භාවීතාවය ඉතාමත් අවම වන අතර, බොහෝ විට multiplayer game play කරන විට තම කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සම්බන්ධ වීම සඳහා ප්රධාන වශයෙන් මෙම සේවාව භාවිතා කරනු ලබනවා.
Discord සේවාවේ ප්රධාන පහසුකම් සියල්ලක්ම පාහේ නොමිලයේ ලබා දෙන අතර, පසුගිය වසරේදී මුදල් ඉපැයීම වෙනුවෙන් Discord Nitro subscription එක හඳුන්වාදෙන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවා.
මේ Nitro subscription එක එක් මාසයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 9.99ක් වන අතර මේ subscription එක ලබාගත් විට ඒ සමඟින් game library එකක් නොමිලයේ ලබා දීමට Discord ආයතනය කටයුතු කර තිබුණා.
කොහොම නමුත් මේ වන විට එම game library එක නවත්වාදැමීමට මොවුන් තීරණය කර ඇති අතර, ලබන මාසයේ, එනම් ඔක්තෝම්බර් 15 වැනි දින සිට මෙම game library එක නවත්වාදැමීමට කටයුතු කරනු ලබනවා.
After careful consideration, we're removing games from Nitro on October 15th, 2019.
— Discord (@discordapp) September 13, 2019
To those who supported these games, thank you so much. Now, we're doubling down on Nitro. More fun, features, and enhancements to come.
What's next for Nitro. Read more: https://t.co/65Be1exPec pic.twitter.com/3CZI40itNy
මෙම ඉවත් කිරීම සඳහා ප්රධානතම හේතුව වශයෙන් Discord ආයතනය විසින් පෙන්වා දෙන්නේ මෙම සේවාව භාවිතා කරන්නන් ඉතාමත් අඩු පිරිසක් වන බවත්, මෙම සේවාව වෙනුවෙන් දැනට මුදල් ගෙවා තිබෙන පිරිස හට ඊට අදාල refund ලබාදීමට ද මොවුන් තීරණය කර තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Discord Blog එක, The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.